දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙසේ අංක 38/1 දරන ස්ථානයේදී ඊයේ පස්වරුවේ සිදුවූ දරුණු ගැටුමකදී නාඳුනන පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියගොස් තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොම්පඤ්ඤගේ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නමැති අයෙකි.
ආයුධ පහරදීමෙන් බරපතල කැපුම් තුවාල ලබා සිටි ඔහු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඊයේ සවස් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇත. ඝාතනයට ලක්වූ දමිත් ප්‍රසාද්, මීට වසර කිහිපයකට පෙර ඝාතනය කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "කොස් මල්ලි" නමැත්තාගේ සහෝදරියගේ සැමියා බව වැඩිදුරටත් වාර්තා වේ.
No comments:
Post a Comment