එරාජ්ගේ මරණය සිදුව ඇත්තේ කපිල ගෙළ වැළලාගත් ආකාරයටමයි - Lanka News Click 24x7

එරාජ්ගේ මරණය සිදුව ඇත්තේ කපිල ගෙළ වැළලාගත් ආකාරයටමයි

Share This
erajs-death-occurred-in-the-same-way-that-kapila-hanged-himself

කොළඹ 5, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සිරුර බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (02) සොයාගනු ලැබීය. බම්බලපිටිය හැව්ලොක් ටවුන් 6th Avenue apartment පිහිටි නිවසේ අඩි 9ක් පමණ උසැති දොරක රබර් පටියක් ආධාරයෙන් ගෙලවැලලාගෙන ඔහු මෙලෙස මියගොස් සිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා මියගිය ආකාරයටම සමාන ලෙස එරාජ් ප්‍රනාන්දු මහතාගේද මරණය සිදුව තිබීම විශේෂත්වයකි.




මියයන විට මෙම මහල් නිවාස ඒකකයේ ඒ මහතා තනිවම ජීවත්ව සිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා පදිංචිව සිටින්නේ කැනඩාවේය. ඔහු සූදීර්ඝ කාලයක සිට දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවත්, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගනිමින් සිටි බවත් පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් හෙළි වී තිබේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන එරාජ් ප්‍රනාන්දු මහතා 2011 වසරේ සිට 2021 දක්වා කාලය තුළ සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවල නිරත විය. දෙවරක්ම හම්බන්තොට නගරාධිපති ධුරය හෙබවූ ඒ මහතා, 2014 වසරේදී මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පලවා හැරීමට නායකත්වය දීම හේතුවෙන් දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්විය.




එම අවස්ථාවේදී පිස්තෝලයක් අතැතිව මන්ත්‍රීවරුන් ලුහුබැඳ ගොස් ඔවුන් එලවා දැමීමට ඔහු ඇතුළු පිරිස කටයුතු කර තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී සිදුකළ විමර්ශන හමුවේ තමන් එදින රැගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක් බවට ඔහු ප්‍රකාශ කළද, අදාළ සිදුවීමට වරදකරු කරමින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම විය. කෙසේ වෙතත්, පසුව සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග ඔහුට නිදහස හිමිවිය.

මීට අමතරව හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. මෙම මරණය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

erajs-death-occurred-in-the-same-way-that-kapila-hanged-himself

erajs-death-occurred-in-the-same-way-that-kapila-hanged-himself

No comments:

Post a Comment

Pages