තලවතුගොඩ ට්‍රැවල් ඒජන්සි ලක්ෂ 600 කොල්ලයට හවුල් තාත්තයි දුවයි අත්අඩංගුවට - Lanka News Click 24x7

තලවතුගොඩ ට්‍රැවල් ඒජන්සි ලක්ෂ 600 කොල්ලයට හවුල් තාත්තයි දුවයි අත්අඩංගුවට

Share This
father-and-daughter-arrested-for-involvement-in-theft-of-60-million-rupees-from-thalawathugoda-travel-agency

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි විදේශ ගුවන් ටිකට්පත් සහ වීසා නිකුත් කරන ආයතනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සැකපිට පියෙකු සහ දියණියක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු සහ පහළ බෝමිරිය යාකාල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාවකි.




පසුගිය පළමුවැනිදා පස්වරුවේ තලංගම පන්නිපිටිය පාරේ පිහිටි අදාළ ආයතනයට මන්නා පිහි පෙන්වා කඩා වැදී ඇති සන්නද්ධ පිරිසක් එහි තිබූ රුපියල් හය කෝටි හතළිස් නව ලක්ෂ අනූපන් දහසක මුදලක් පැහැරගෙන ඇත. ඊට අමතරව එම ආයතනයේ හිමිකරු පැළඳ සිටි පවුම් විසි නවහමාරක් බරැති රුපියල් එක්කෝටි දොළොස් ලක්ෂ පනස් දහසක් වටිනා රන් මාලයක් සහ රන් මුදු තුනක් ද කොල්ලකරුවන් විසින් අයිති කරගෙන තිබිණි.

මෙම කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකාර තරුණයෙකු කැකිරාව ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පරීක්ෂණ පවත්වද්දී, ඔහු ඉකුත් 9 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අදාළ තරුණයා පසුව අධිකරණ නියෝගයක් මත බදුල්ල ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.




අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම තරුණයාගේ පෙම්වතිය වන 25 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාව පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමට පොලිසිය සමත් විය. ඇයගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද මුදලින් රුපියල් 518,000 ක මුදලක් සහ එම මුදල්වලින් මිලදී ගන්නා ලද රුපියල් 118,000 ක් වටිනා රන් භාණ්ඩ සොයාගෙන තිබේ. පසුව ඇය ලබාදුන් ප්‍රකාශ මත කඩුවෙල පිහිටි නිවසේදී සැකකාර පියා ද පොලිස් භාරයට ගෙන ඇත.

the-person-who-broke-into-the-thalawathugoda-travel-agency-and-stole-60-million-rupees-was-caught



the-person-who-broke-into-the-thalawathugoda-travel-agency-and-stole-60-million-rupees-was-caught

gossiplanka image

No comments:

Post a Comment

Pages