වත්මන් ආණ්ඩුව විසින් රටේ මහනායක හිමිවරුන් නොමඟ යැවීමේ නිරත වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කර සිටියි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, උන්වහන්සේලා මුළා කරමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන ඒමට රජය උත්සාහ දරන බවයි.
රටේ පවතින අධිකරණ පද්ධතියට කිසිවෙකුත් බලපෑම් කර නොමැති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, යම් පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් සහ ඒකාධිපති ගමනක් යාමට අපේක්ෂා නොකරන්නේ නම් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ප්‍රකාශ කළේය.
වත්මන් පාලනයට ජාතියක් හෝ ආගමක් නොමැති වුවද, බුද්ධ ශාසනයට මෙන්ම ආගමික නායකයන්ට කිසිදු ගෞරවයක් නොමැති වුවද, මහනායක හිමිවරුන් නොමඟ යැවීමේ කටයුතුවලින් වහා වළකින ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment