
රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන්, අදාළ තොරතුරු පිළිබඳව නිසි අවබෝධයකින් සහ පූර්ව සූදානමකින් යුතුව පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. කිසිදු සූදානමකින් තොරව හුදෙක් පැමිණීමෙන් කාලය අපතේ යැවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එසේ සූදානම්ව පැමිණිය නොහැකි නම් එම රැස්වීම්වලට සහභාගී නොවන ලෙසත් ඇය නිලධාරීන්ට තරයේ දැනුම් දුන්නාය.
No comments:
Post a Comment