රුසියානු Sputnik-V එන්නත් ලක්‍ෂ 130ක් ශ‍්‍රී ලංකාවට. - Lanka News Click 24x7

රුසියානු Sputnik-V එන්නත් ලක්‍ෂ 130ක් ශ‍්‍රී ලංකාවට.

Share This
කොරෝනා මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නිට් v’ එන්නත් මාත්‍රා තවත් මිලියන හයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙසේ අනුමැතිය ලබා ඇත්තේ එම එන්නතම මාත්‍රා මිලියන 07ක් මිලට ගැනීමට මීට පෙර ලැබී තිබූ අනුමැතියට අමතරවයි.

ඒ අනුව රුසියානු එන්නත් මාත්‍රා මිලියන 13 ක් මිලට ගැනීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය ඇමතිණිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුවයි.මෙහි එන්නත් මාත්‍රාවක් ඩොලර් 9.95 බැගින් මිලට ගැනීමට නියමිතව ඇත.

-lankacnews.


No comments:

Post a Comment

Pages