'වැසු විද්‍යාපීඨ අප්‍රේල් 19 යලි අරඔන්න සුදානම්,අවසන් විභාගය ජුනි මස.' - Lanka News Click 24x7

'වැසු විද්‍යාපීඨ අප්‍රේල් 19 යලි අරඔන්න සුදානම්,අවසන් විභාගය ජුනි මස.'

Share This
පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් මස කොවිඩි රෝගින් ගේ ප්‍රතිකාර මධ්‍යස්තාන ලෙස යොදාගත් සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ලබන අප්‍රේල් මස 19 වැනිදා අධ්‍යන කටයුතු වෙනුවෙන්  ආරම්භ කිරිමට යෝජිත බව වාර්තා වෙයි.2018 උසස් පෙළ විභාගය මගින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් බදවාගැනිම සමිමුක පරික්ශන සමත් වු සිසුන් සදහා දෙවන වටයේ සමිමුක පරික්ශනය සහා පීඨයේ ලියාපදිංචි කිරිම ලබන මැයි මස අවසානයේ සිදුකිරිමට සැලසුම් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

තවද 2017 - 2019  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වර්තමාන සීමාවාසි කණ්ඩායමේ අවසන් ශික්ෂණ විද්‍යා ඩිප්ලොමා විභාගය ලබන ජුනි මස අවසාන සතියේ සහා ජුලි මස මුල් සතිය තුල පැවැත්වීමට වැඩ කටයුතු සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.අවසන් විභාගය විද්‍යාපීඨ තුල හෝ දිස්ත්‍රික් විභාග මධ්‍යස්ථාන තුළ පවත්වනවාද යන්න පිළිබද අවසන් තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

සටහන - පියල් මානවඩු.         






No comments:

Post a Comment

Pages