PHIට බැණ තර්ජනය කර ජංගම දුරකථනය උදුරා පොළවේ ගහලා. - Lanka News Click 24x7

PHIට බැණ තර්ජනය කර ජංගම දුරකථනය උදුරා පොළවේ ගහලා.

Share This

 

රාජකාරියේ නියුතුව සිටි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට බැණ තර්ජනය කර ඔහුගේ ජංගම දුරකථනය උදුරා පොළවේ ගැසූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත’

පෙරේදා (29 දා)  මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වැලිපැන්න මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගමගේ දොන් ශිරාන් මධුෂාන් මහතායි’ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දෙපාර්තමේන්තුවට අයත් නිල රථයකින් ගමන් කරමින් සිටියදී ඇතිවූ වචන හුවමාරුවකින් පසු මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය පවසයි’ තමා නිල වාහනයකින් රාජකාරි ගමනක් යමින් සිටියදී මාර්ගය හරස් වනසේ නවතාගෙන සිටි යතුරුපැදියක් ඉවත් කර ගන්නා ලෙස පැවසීමෙන් පසු උරණ වූ සැකකරු තමාට බැණ තර්ජනය කළ බවට එම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පොලිසිය පැමිණිලි කර තිබේ’ අනතුරුව ඔහු තම ජංගම දුරකථනය උදුරාගෙන එය පොළවේ ගැසූ බවද එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ’ මෙම සිද්ධිය අදාළ සැකකරු මේ වනවිට ප‍්‍රදේශය අතහැර පළාගොස් ඇතැයි ද ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයිද මතුගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පරාක‍්‍රම උඩවත්ත මහතා කීය’

-Divaina.

No comments:

Post a Comment

Pages