මෙරට කොරෝනා දෙවැනි රැල්ල උතුරෙන්,අතිශය බියකරු වෙතැයි වෛද්‍යවරු කියති. - Lanka News Click 24x7

මෙරට කොරෝනා දෙවැනි රැල්ල උතුරෙන්,අතිශය බියකරු වෙතැයි වෛද්‍යවරු කියති.

Share This
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය වෙළෙන්දන් හේතුවෙන් මෙරට තුළ නැවත වතාවක් කොරෝනා වසංගතයේ දෙවෙනි වටයක් ඉක්මනින්ම ඇතිවිය හැකි බව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එසේ වුවහොත් එය අතිශය භයංකර තත්ත්වය වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරටට මෙරට කොරෝනා වසංගතය ඇති වූ පළමු වටයේදී රෝගීන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායන ට යොමු කිරීම සිදු කලද නීති විරෝධී ලෙසින් පැමිණෙන හා ඔවුන් ඇසුරු කළ අය හඳුනා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වනු ඇති බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරයි.

මේ වන තෙක් කොරෝනා වසංගතය ඉන්දියාව තුළ පාලනය කර නැති නිසා ඒ රටින් මෙරටට නීති විරෝධීව එන පිරිස් වහාම කර නොගතහොත් ශ්‍රී ලංකාවට ඉතාමත් බරපතල තත්වයකට මුහුණපෑමට සිදුවී ඇතැයි ද රජයට අනතුරු අගවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
-lankacnews.

No comments:

Post a Comment

Pages