ප්‍රකට ඉන්දීය රූපවාහිනි හා චිත්‍රපට නළුවකු වූ සුශාන්ත් සින් රාජ්පුට් සියදිවි නසා ගෙන ඇත. මියයන විට හෙතෙම 34 වැනි වියේ පසුවිය.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ මුම්බායි සිය නිවසේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.
සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්. එස්. දෝනිගේ ජීවිත කතාව අළලා සකස් කරන ලද M.S. Dhoni The Untold Story චිත්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පොවනු ලැබුවේද සුශාන්ත් විසිනි.
සුශාන්ත් ගේ හිටපු කළමනාකරු වූ දිශා සයිලාන් ජුනි මස මුලදී සියදිවි නසා ගෙන තිබිණි.
සුශාන්ත් සින් රාජ්පුට් මාස කිහිපයක සිට විශාදය රෝගයෙන් පෙළී ඇති අතර සියදිවි නසා ගැනීමටද මේ තත්ත්වය හේතු වී ඇති බව ඉන්දීය වාර්තා කියයි.තවද ඔහුගේ මරන පරීක්ශනයෙන් අනාවරණය වි ඇත්තේ ඔහු මියයන විට කෝවිඩි 19 ආසාධනය වි තිබි ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.(FB)
No comments:
Post a Comment