ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති නිව්යෝර්ක් නගරයෙන් ප්‍රථම වතාවට කොරෝනා වෛරසයෙන් ආසාදිත වූ පුසන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ඇමරිකානු බළධාරීහු ඊයේ (22දා) අනවරණය කළේය .
මෙම පුසන් දෙදෙනා ඇමරිකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම සුරතල් සතුන් බව ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඇමරිකාවේ රෝග පාලනය හා නිවාරණය පිලිබඳ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ .මෙම වෛරසයෙන් ආසාදිත පුසන් දෙදෙනාම සුළු ශ්වසන ආබාධ රෝග ලක්ෂණවලින් පෙළෙමින් සිටින අතර ඔවුන් ඉතා ඉක්මනින් සුවය ලබනු ඇති බව බළධාරීහු පවසති .
මෙම පුසන් දෙදෙනා කොරෝනා රෝගලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පරීක්ෂනවලට භාජනය වී ඇති අතර එහිදී ඔවුනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .මෙම පුසන් දෙදෙනාගෙන් එක් පුසෙකු හදා වැඩ ගන්නා නිවැසියන් ව පරික්ෂා කළ විට පුසාගේ අයිතිකරු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇති අතර ඔහුගෙන් පුසාට එම වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට බළධාරීහු සැක පළ කර සිටිති .එහෙත් එම නිවසේ වෙසෙන තවත් පුසෙකුට වෛරස් ආසාදනයේ කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී නැති බව අනාවරණය වී තිබේ .
අනෙක් පුසා හදා වඩා ගන්නා නිවැසියන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති අතර නිවසෙන් පිටත කිසියම් පුද්ගලයෙකුගෙන් ඔහුට එම වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.මේ වන විට වෛද්‍යවරු මෙම පුසන් දෙදෙනාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ .
මෙතෙක් පුසන් ඇතුළු සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන බව පරීක්ෂණවලදී තහවුරු ව් නැති බව පවසන ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ප්රමුඛ පෙළේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුකී කෙසේ වුවද ඇමරිකාවේ පවතින තත්ත්වය යටතේ මෙම පුසන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වීම ගැන පුදුම නොවන බවත් නිවැසියන් හැකිතාක් තම නිවෙස්වල සිටින සුරතල් සතුන් සමග පවත්වන අන්ත්ර් සබදතා හා නිවසෙන් පිටත වෙසෙන සුරතල් සතුන් හා මිනිසුන් සමග පවත්වන සබඳතා සීමා කිරීමටත් කටයුතු කිරීම සුදුසු බව අවධාරණය කර සිටී .
එමෙන්ම නිවසක යමෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති නම් හා සැක කරන්නේනම් එම තැනැත්තා සිය නිවසේ සිටින පුසන් ඇතුළු සුරතල් සතුන් සිප ගැනීම ඇතුළු ඔවුන් සමග අන්තර් සම්බන්දතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවත් එම සතුන්ගේ කටයුතු වෙන අයෙකු වෙත පැවරිය යුතු බව ඇමරිකානු වෛද්‍යවරු ජනතාවට නිර්දේශ කර තිබේ .
එසේ වෙන කිසිවෙකු නැතිනම් හා සතුන්ගේ අයිතිකරු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සුරතල් සතුන් හා අන්තර් සම්බන්දතා පැවැත්වීමට පෙර මුහුණු ආවරණයක් පැළඳ දැත් හොඳින් සෝදා එය සිදු කළ යුතු අතර ඔවුන් හා කටයුතු කිරීමෙන් පසු ද දැත් හොඳින් සෝදා ගත යුතු බවද ජනතාවට නිර්දේශ කර තිබේ .
-ඒමන්ති මාරඹේ - DIVAINA
No comments:
Post a Comment