නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක,රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන. - Lanka News Click 24x7

නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක,රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන.

Share This

නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේදී රෝගීන් අටදහසක් පමණ වාර්තා විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘අරුණ’ට පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය,

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග රට නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බැවින් රටම පනවා ඇති ඇඳිරිනීතිය මේ ආකාරයෙන් තවත් සති දෙකක පමණ කාලයක් පැවතිය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේද කීය.

‘‘අපි මෙතෙක් අවදානම අඩුයි කියලා තක්සේරු කළ ප්‍රදේශවලින් මේ වනවිට රෝගීන් වාර්තා වෙනවා. ආරක්ෂිතයි කියලා අපි හිතන් හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂිත බව නැති වෙලා රෝගීන් වාර්තා වෙනවා.

ඒ වගේම නොච්චියාගම නාවික සෙබළෙක් ඉන්නවා ඔහු තමයි මුළු ගමටම පොහොර බෙදලා තියෙන්නෙ. එයාගේ තාත්තා ගොවි නියාමක කෙනෙක්. එතකොට එයා මිනිස්සු හාරසියයක් පමණ දෙනා සමග ගැටිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට නාවික සෙබළෙක් පුද්ගල සම්බන්ධතා දෙසීයක් පමණ පවත්වල තියෙනවා. එතකොට මේ අය සේරම අපි හොයාගන්න ඕන. මේ අය හොයාගන්න අඩුම තරමේ සති දෙකක්වත් යනවා.
Source – aruna

No comments:

Post a Comment

Pages