ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුර දැක්මක් ඇතැයි ආණ්ඩුවේ පිරිස් පැවසීම පුරසාරමක් බවත් ජනාධිපතිට කිසිම දුර දැක්මක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත් වූ දා සිටම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීම බවයි.
එනිසා කොරෝනා වෛරසය රට තුළ පැතිරෙමින් ඇති බව දැන දැනත් නාමයෝජනා භාර ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
සැබෑවටම සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාවට කොරෝනා පැමිණීම නොව ශ්‍රී ලංකාවට කොරෝනා ගෙන්වා ගැනීමක් බව ද ඔහු පැවසීය.
එම පැමිණීම වැළැක්වීම සඳහා රජය විසින් නිසියාකාරයෙන් අවශ්‍ය කටයුතු නොකළ බවද සඳහන් කළේය.
මෙවන් අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් පත්‍රය අහෝසි කර නැවත පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
-lankacnews.
ජනාධිපතිට කිසිම දුර දැක්මක් නෑ,කොරෝනා ලංකාවට ගෙන්වා ගත්තා.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment