ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි. - Lanka News Click 24x7

ඇදිරි නීතිය ඉවත් කලොත් කොරෝනා රෝගීන් දස දහස් ගණන් වැඩිවන බව කියයි.

Share This
මේ මොහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් කොරෝනා ආසාදිතයන් දස දහස් ගණනක් දක්වා වැඩි වීමේ ඉඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

ඒ නිසා දැනට පවතින ඇදිරි නීතිය තවත් සති කිහිපයක් හෝ දීර්ඝ කර කොරෝනා වසංගතය අවසන් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

දැනට පවතින ඇදිරි නීතිය ඉවත් කළහොත් මෙතෙක් කලක් ජනතාව ඉතා අසීරුවෙන් කළ කැප කිරීම් සියල්ල අපතේ යනු ඇතැයිද ඔහු පැවසුවේය.

හදිසි මැතිවරණයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවත් කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ පසු ඒ ගැන කටයුතු කළ හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.
-lankacybernews.

No comments:

Post a Comment

Pages