‘පොකුරු’ වැඩි වුණොත් ගොඩ ඒමක් නෑ;' - වෛද්‍ය නවීන් ද සොයිසා - Lanka News Click 24x7

‘පොකුරු’ වැඩි වුණොත් ගොඩ ඒමක් නෑ;' - වෛද්‍ය නවීන් ද සොයිසා

Share This

කොරෝනා රෝගීන් ‘පොකුරු’ වශයෙන් හමුවීම සහ එසේ හමුවන ‘පොකුරුවල’ සිටින  රෝගීන් පිරිස මෙලෙස  දිගින් දිගට ම ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් රෝගය පාලනය කර ගැනීමට නොහැකි අනතුරුදායක තත්ත්වයකට රට පත්වීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයිනට’ ඊයේ (27 වැනිදා) පැවසීය.

රෝගී පොකුරක සිටින ස්පර්ශයකයන් ඉහළ යෑම ඉතා අනතුරුදායක තත්ත්වයක් බවත් කී හෙතෙම මෙය පාලනය කිරීම සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ග ගත යුතුව ඇති බවත් කීවේය.


පළමුව රෝගීන් 100 දෙනා වාර්තාවීමට දින පනස් හතක් ගත වූවද මේ වන විට රෝගීන් සියදෙනකු වාර්තා වීමට ගත ව තිබෙන්නේ දින දෙකක් තරම් වූ අඩු කාලයක් බවත් සඳහන් කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා රෝගීන් පොකුරු හමුවන ප‍්‍රදේශවල සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සඳහන් කළේය.

සෞඛ්‍යය ඇමැති ලෙස රාජිත සේනාරත්න මහතා කටයුතු කළ සමයේ සමයේ ඔහුට හිතවත්ව කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් පිරිසක් වත්මන් රජය ගෙන ගෙනයන කොරෝනා මර්දන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැවසූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඔවුන් අතරට මෙම රජය බලයට ගෙන ඒම සඳහා ප‍්‍රමුඛව කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක් ද එක් වී සිටින බවටත් චෝදනා කළේය.

එම පිරිස මේ වන විට කොරෝනා මර්දන වැඩපිළිවෙළ යම් දුරකට කඩාකප්පල් කර ඇති බවත් කී හෙතෙම ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට වසංගතයට ඇදගෙන ගොස් එය ආණ්ඩුවේ නොහැකියාව බව පෙන්වීමටය යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
 Divaina

No comments:

Post a Comment

Pages