සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරන ‘සමගි ජන බලවේගය’ නියෝජනය කරන කිසිම අපේක්ෂකයකු එජාපයට එක්වීමට සාකච්ඡුා කර නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි ‘සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දිවයිනට ඊයේ (24 දා) පැවසීය.
ඇඳිරිනීතිය පවතින මොහොතක සිරිකොත එජාප මූලස්ථානයට ගොස් ‘සමගි ජන බලවේගයේ’ මන්ත්‍රීවරුන් සාකච්ඡුා කළ බවට යන කතාව එජාපය විසින් ගොතා සමාජගත කරන ලද බොරුවක් යැයි ද අත්තනායක මහතා කීවේය.
ඒ හරහා එජාපය තමන්ගේ දේශපාලන බංකොලොත් බව පෙන්වා ඇතැයි ද ඔහු පැවසීය.
තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.
එජාපය දැන් හොඳටම පිරිහිලා තියෙන්නේ. ඒ නිසා තමයි ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයන් එජාපයට එන්න කතා කරනවා කියන බොරුව හදලා සමාජයට අතහැරියේ. ඔවුන්ගේ පැත්තෙන් බැලූවොත් ඔවුන් සාර්ථකයි. මොකද මේක ඇත්තක් ද කියලා ගොඩක් අය අපෙන් අහනවා. සරලව ම කියන්න තියෙන්නේ මේක එජාපය හදපු බොරුවක් කියලයි. පාක්ෂිකයන් ඉල්ලන්නේ සජිත්ගේ නායකත්වයෙන් යුතු අවංක දේශපාලන කණ්ඩායමක්. ඒකයි එජාපය මෙහෙම බොරු ගොතන්නේ. කොහොමත් අපි මේ වෙලාවේ ප්‍රමුඛත්වය දෙන්නේ කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමේ වැඩවලටයි. අපට මූලිකවම වටින්නේ රටේ ජනතාවගේ සෞඛ්යාරක්ෂිත භාවයයි. ජනතාවත් රටත් කොරෝනා වසංගතයෙන් බේරාගෙන පසුව දේශපාලන කථිකා ආරම්භ කළ හැකියි.
-Divaina.
"බොරුවක් සමාජගත කර එජාපය බංකොලොත් බව පෙන්නුවා."- තිස්ස අත්තනායක
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment