‘ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කල යුතුයි’,එජාපෙ මැතිවරණ වේදිකාවේදී කියයි.[Video] - Lanka News Click 24x7

‘ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කල යුතුයි’,එජාපෙ මැතිවරණ වේදිකාවේදී කියයි.[Video]

Share This
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කළ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ එම පෙරමුණේ කොලඹ දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය තොටලගදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

‘අපි ගෝඨා මැරුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙනවා’ යැයි එහිදී ඔහු කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද වේදිකාවේ සිටියදීය.හිරු රූපවාහිනී නාලිකාව මෙම ප්‍රවෘත්තිය විකාශය කළේය.
-cnews


No comments:

Post a Comment

Pages