කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (18) පැවසීය.
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද කොකේන් ආදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඟයන් මෙන්ම මෙරට ඉහළ රැකියා කරන ඇතැමුන්ද එම මත්ද්‍රව්‍ය භාවිත කරන බව සඳහන් කළේය. පරීක්ෂණවලට බාධාවක් නිසා තමන් එම නම් ප්‍රසිද්ධියේ නොකියන බව ද රන්ජන් රාමනායක මහතා පැවසීය.
කෙසේ වෙතත් රංජන් රාමානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම නම් ලැයිස්තුව තුළ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඇතුළත්ව තිබීම නිසා පක්‍ෂය තුළ විශාල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති රංජන් රාමනායක මහතා පෙන්වා දී ඇත්තේ නිධන් හැරීමෙන් ලැබුණු ධනස්කන්ධයට අමතරව සජිත් ප්‍රේමදාස මහතා හිතවත් මත්ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ගෙන් ලැබෙන ධනය දැනටමත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආයෝජනය කර ඇති බවයි.
ජනප්‍රිය පුද්ගලයන් තෝරාගෙන මිලියන ගණන් ඔවුන්ට ප්‍රදානය කර එය ලංකාව වටේ ප්‍රචාරය කිරීම සඳහා පරිත්‍යාග කළාක් මෙන් සිව් ගුණයකට වැඩි මුදල් ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතා වියදම් කරන්නෙත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන මුදල් වලින් බවද වාර්තා වේ. මත්ද්‍රව්‍ය ගැන පමණක් නොව මෙම දේශපාලකයන්ගේ ආදායම් මට්ටම පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කළයුතු බව හෙතෙම වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් මෙම හෙළිදරව්ව මුල්කරගෙන රංජන් රාමනායක මහතා අමාත්‍ය ධූරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් මේ වනවිටත් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් දියත් කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා නගන චෝදනාව වන්නේ මැතිවරණ කිහිපයක් අතළඟ තබගෙන රංජන් රාමනායක මහතා මෙවන් හෙළිදරව්වක් කර ඇත්තේ විපක්‍ෂයේ උවමනාව මත බවයි. එබැවින් ඔහුව විනය කමිටුව හමුවට කැඳවා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හෝ පක්ෂයෙන් නෙරපා හැරීම කළයුතු බව සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට දන්වා ඇතැයි ද වාර්තා වේ.
-slnews
Home
Hot Political
මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරු ලැයිස්තුවේ සජිත්ගේ නමත්,හෙලිකිරීම නිසා රංජන්ව ඇමති ධූරයෙන් ඉවතට?
මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇමතිවරු ලැයිස්තුවේ සජිත්ගේ නමත්,හෙලිකිරීම නිසා රංජන්ව ඇමති ධූරයෙන් ඉවතට?
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment