සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට The Voice Sri Lanka මේ වන විට බොහෝදෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැදින්විය හැකිය. එම වැඩසටහනේ ආරක නිවේදිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේය. නමුත් හදිසියේම එම වැඩසටහනින් ඇය ඉවත් වීම පිළිබඳ බොහෝදෙනා මත පළ කළ අතර, අපි ඒ පිළිබඳව ඇය සමග මෙසේ කතාබහ කළෙමු.
මේ දවස්වල මොකද වෙන්නේ?
දැන් ආයෙත් Flying පටන් ගත්තා. තව ටෙලි නාට්‍යය තුනක රූගත කිරීම් යනවා. චිත්‍රපට වගයක් එන්න තියෙනවා. ඒ කටයුතු තමයි කරගෙන යන්නෙ.
The Voice Sri Lanka එකෙන් අයින් වුනාද? අයින් කලාද?
වොයිස් එකෙන් ඇත්තටම මම අයින් වුණා. මම කොහොමත් Blinds වලට විතරයි ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. ඊටපස්සේ ඒක ඉවර වුණා. ඒක අලුත් කරන්න බැරී වුණේ මගේ රැකියාවත් එක්කයි. මම වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. අපිට වැඩ තිබුණ නැති නිසා මම කොහොම වැටුප් රහිතවයි හිටියෙ. වැඩ නැති නිසා කැමති අයට ගන්න විශේෂ වැටුහිත නිවාඩු දුන්නා. මම ඒක මාස 06ක් හිටියා. ඒ වගේම තමයි අපි සේවය නොකර දවස් 180කට වැඩිය හිටියොත් නැවතත් Initial - Training කරන්න ඕනේ. ඉතිං මේ මාසේ ඉදන් වැඩ පටන් ගන්නවා. මට රැකියාව වැදගත් නිසා මම ඒක තෝර ගත්තා.
The Voice Sri Lanka ලැබුණු දේවල් මොනවාද?
ඇත්තටම මට මේක ලොකු අවස්ථාවක්. ලංකාවේ ඉන්න ඉහළම තලයේ ගායක ගායිකාවන් එක්ක තමයි මම මේ වැඩේ කරන්නේ. සිරස හැමදාම මාත් එක්ක හිටියා. මම නිවේදන කටයුතු පටන් ගත්තේ ෆිල්ම් ස්ටාර් එකෙන්. ඒ හින්දා තමයි මට මේ චාන්ස් එක දුන්නේ. මම සිරසට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මාත් එක්ක හැමවෙලේම හිටියාට. මේක පටන් ගන්නත් කලින් දවසේ ඉදන් සමාජ මාධ්‍ය තුළින් මට මඩ ගහන්න ගත්තා. මට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක ඒ අය බැලුවෙ නැහැ. හැබැයි සිරස හැමදාම මාත් එක්ක හිටියා. හැමදාම පුළුවන් උපරිම මට උදව් කළා. හැම අවස්ථාවකදීම මාව උඩින් තිබ්බා. මට වැටෙන්න දුන්නෙ නැහැ. භාතියඅයියා, ශෂිකා අක්කා ඇතුළු හැමෝම මට ගොඩක් උපදෙස් දුන්නා. මගේ කාර්යභාරය ඉවරයි. ඉතින් සුපුරුදු පරිදි රැකියාව කරගෙන ඉන්නවා.
ඔබව නිවේදිකාවක් ලෙස බොහෝ දෙනා දැන හැඳිනගන හිටියේ නැද්ද?
මාව ගොඩක් මිනිස්සු අඳුරගෙන හිටියෙ නිළියක් විදිහට. Blind Audition එකේ මගේ නිවේදන හැකියාවක් පෙන්වන්න ලැබුණේ නැහැ. Blind Audition එක් නිවේදිකාවකට ඇත්තටම කරන්න දෙයක් තිබුණ නැහැ. ඒත් සිරස මේ මිනිස්සු කියන කතන්දර නිසාම Intro Extort දාලා වැඩසටහන පටන් ගන්න මට අවස්ථාව දුන්නා. ඒක ඉවර කළෙත් මම. එහෙම මට සිරස හදලා දුන්නේ මිනිස්සු මට කියන කතාවලට මට නිවේදනය කළ හැකි කෙනෙක් කියලා පෙන්වන්න ඕන නිසා.
ටෙලි නාට්‍ය වැඩකටයුතු ගැන කිව්වොත්?
අතෙන්ම මේ Voice එක හින්දා මම ගොඩක් වැඩ භාර ගත්තෙ නැහැ. මම කරපු වැඩ තුනක් තියෙනවා එක්න. ස්වර්ණවාහිනී නාළිකාවේ මේ මාසෙ ඉදන් එකක් විකාශය වෙන්න නියමිතයි. අනිත් එක ITN නාලිකාවේ. මම රැකියාව එක්ක ගොඩක් වැඩකටයුතු භාරගන්නෙ නැහැ. ඊට අමතරව රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් එන්න තියෙනවා. තව චිත්‍රපටයක් සදහා අත්සන් කරලා තියෙනවා.
රංගන ජීවිතය ගැන තෘප්තිමත්ද?
අවංකවම ඔව්. රංගනය මගේ රැකියාව නෙමෙයි. ඒ නිසා මම වැඩ ඉල්ලගෙන පස්සෙන් යන්නෙත් නැහැ. මට ලැබෙන වැඩක් කරනවා විතරයි. මට ලබන වැඩ වලිනුත් මම කරන්නේ මට ආස වැඩේ. වැඩි කොච්චර හොඳ වුණත්, ලොකු ගානක් දෙන්නම් කියලා මොනා කිව්වත්, මම ඒ චරිතයට කැමති නැත්නම් කොහොමත් කරන්නේ නැහැ. මම අලුත් කෙනෙක්. අලුත් කෙනෙක්ව දකින්න කැමති අය ඉන්න නිසා මට අවස්ථා දෙන්න කැමතියි. මම තෝරා බේරා ගැනීමක් ලොකුවට කරනවා. මම රස්සාවක් කරන කෙනෙක්. ඒ නිසා හැමදේම බදාගෙන කරන්න බැහැ. එහෙම කළොත් ඒ අයත් අමාරුවේ වැටෙනවා, මාවත් අමාරුවෙ වැටෙනවා.
මම මේ රගපෑම කරන්නේ සල්ලිවලට නෙමෙයි. ඒකට ගානක් ලැබෙන එක වෙනම කතාවක්. ඇත්තටම රගපෑම මම ආසාවෙන් කරන දෙයක්. රස්සාව කරන ගමන් ලැබෙන නිදහසෙන් දෙයක් කරන්නේ මම සතුටින් ඉන්න ඕන නිසානේ. නැත්නම් ගෙදර ඉන්න වෙලාවට නිදාගන්න එක ඊට වඩා සතුටක්නේ. මට ආත්ම තෘප්තියක් ලැබෙන දෙයක් තමයි මම කරන්නේ.
-ඩිලාන් ක්‍රිෂාන්ත-
No comments:
Post a Comment