පොලිසියට ආ වෙලාවේ මාධ්‍ය නොදැක්කා සේ කැරොලින් පළා ගිය හැටි - Lanka News Click 24x7

පොලිසියට ආ වෙලාවේ මාධ්‍ය නොදැක්කා සේ කැරොලින් පළා ගිය හැටි

Share This
caroline-jury

මීට වසරකට පෙර ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාදී අති මහත් ගෞරවයක් අත්කරදුන් කැරොලින් ජූරී පසුගිය ඉරිදා සිදු කළ නොමනා ක්‍රියාවකින් පසු රටේ බොහෝ අයගේ අප්‍රසාදයට හා අගෞරවයට පත් විය. ඇය වෙනුවෙන් පසුගිය වසර පුරා පිළිගැනීමේ උත්සව , මාධ්‍ය වැඩසටහන් මෙන්ම ඇය යම් යම් වෙළෙඳ සන්නාම ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස තෝරාගෙන ලක්ෂ ගණන් ගෙවීම් සිදු කරන ලද අවස්ථාද වාර්තාවූ නමුත් එක් ගොම බිඳුවකින් ඇගේ කිරි කළය අපවිත්‍රවී තිබේ.
දශක ගණනාවක සිට රෝසි සේනානායක මහත්මිය මේ හා සමාන කිරුළක් දිනා රැකගෙන තිබෙන ගෞරවය වැනි ගෞරවයක් ඇයටද ලබාගන්නට හැකිව තිබියදී බොහෝ විට ඊර්ෂ්‍යාව හෝ වෙනත් හේතුවක් මත ඇයගේ අසාමාන්‍ය හැසිරීමක් විසින් මෙම සියලු ගෞරව උදුරාගනු ලැබ තිබේ.
කිරුළු මාරු කිරීමේ හුටපටයෙන් පසු දවසක් පුරා දුරකථන විසන්ධි කරගෙන සිරි කැරොලින් ජූරි ඊයේ දිනයේ කුරුඳුවත්ත පොලිසියට පැමිණියේ ඇගේ සැමියා සමග වාහනයෙනි.

තවත් වාහනයකින් ඇගේ නීතීඥයින් කණ්ඩායමක්ද පැමිණ තිබුණි.
කෙසේ වෙතත් පොලිසිය හමුවේ මෙය විශාල ලෙස විසඳන්නට තරම් ගැටලුවක්වී නොතිබිණි. ඇය කට උත්තරයක් ලබාදීමෙන් පසු පොලිස් ප්‍රධානීන් දන්වා තිබුනේ මෙය සාකච්ඡා කර විසඳාගන්නා ලෙසයි. එසේම අවශ්‍ය නම් සමථ මණ්ඩලයට යන ලෙසද දන්වා තිබුණි. මෙම අවස්ථාවට පැමිණි මිස් ශ්‍රී ලංකා ජාතික සංවිධායක චන්දිමාල්ද කට උත්තර ලබාදී තිබුණ අතර ඊයේ සවස  පුෂ්පිකා ද සිල්වාට නැවත කිරුළ ලබාදීමට කටයුතු කර තිබුණ අතර පොලිසියට ඔවුන් ගිය අවස්ථාවේ එම තීරණය ලබාගෙන තිබුණ බැවින් ගැටලුව තවදුරටත් පවත්වා යාමට තරම් එකක් වී තිබුනේ නැත.
කැරොලයින් ජූරිගේ වත්මන් කිරුළ සම්බන්ධ පරීක්ෂණයක් ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම දැනටමත් පවත්වමින් යන අතර ඇයට මේ සිද්ධියෙන් පසු සමාජයට මුහුණදීමට අපහසු තත්වයක්ද පැනනැගී ඇත.
පොලිසියට කටඋත්තර ලබාදීමෙන් පසු සැමියා පැදවූ වාහනයට ඇය වේගයෙන් ගොස් නැගගත් අතර එම අවස්ථාවේ සූදානමින් සිටි මාධ්‍ය කැමරා කණ්ඩායම් ඇය පසුපස ගොස් කිසියම් හෝ උත්තරයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසන්නට වූ නමුත් ඇය ඔවුන් නොදැක්කා සේ සිටියාය. දිගින් දිගටම කැමරා කණ්ඩායම් ඇගෙන් ප්‍රශ්න විමසුවත් ඇය හැරී බැලුවේවත් නැති අතර සැමියා වාහනය පදවාගෙන වේගයෙන් ඇය සමග ඉගිළ ගියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Pages