වනාතවිල්ලූවේ පිහිටි මද්රසා පාසලේ තෝරාගත් සිසුන් සඳහා ඉස්ලාම් අන්තවාදය සහ අවි ආයුධ පිළිබඳව සහරාන් හෂීම් පුහුණු කඳවුරු පවත්වා ඇති බව (31 දා* පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ උ.පො.ප.වරයකු සාක්ෂි ලබාදෙමින් පැවැසීය.
අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් එම කොමිෂන් සභාව රැුස්වූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ සාක්ෂි විමසීම හමුවේ තවදුරටත් මෙසේද සාක්ෂි ලබාදුන්නේය.
කොමිසම - ඔබ මීට පෙර මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පොලිස් ඒකකය මගින් විමර්ශනය කළ සහරාන් හෂීම්ගේ පුහුණු කඳවුරු සහ වැඩමුළු කිහිපයක් ගැන සඳහන් කළා. එම ඒකකය මගින් තවදුරටත් විමර්ශනය කළ ස්ථාන තිබෙනවාද?
සාක්ෂිකරු- කරතිව් වනාතවිල්ලූවේ පිහිටි අල් සුභාරියා මද්රසා පාසල තිබෙනවා.
කොමිසම- එහි පවත්වා තිබෙන්නේ පුහුණු කඳවුරක් ද වැඩමුළුවක්ද?
සාක්ෂිකරු- පුහුණු කඳවුරක්.
කොමිසම- එම මද්රසා පාසල තුළ පුහුණු කඳවුර පවත්වා තිබෙන්නේ කවදාද?
සාක්ෂිකරු- 2015 මුලසිට 2019 දක්වා සිදුකර තිබෙනවා.
කොමිසම- එම මද්රසා පාසල එම ස්ථානයේ පිහිටුවා තිබෙන්නේ කවදාද?
සාක්ෂිකරු- 2011 වසරේදී.
කොමිසම- එම අවස්ථාවේදී එම පාසල රජයේ ආයතනයක ලියාපදිංචි කර තිබෙනවාද?
සාක්ෂිකරු- නැහැ.
කොමිසම- දැන් ලියාපදිංචි කරලා ද තිබෙන්නේ.
සාක්ෂිකරු- මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ 2015 නොවැම්බර් 18 ලියාපදිංචි කරලා තිබෙනවා.
කොමිසම- ලියාපදිංචි අංකයක් තිබෙනවාද?
සාක්ෂිකරු- ලි.ප.අ. ෂණක්්රැුඨඵරැුඡුඔරැු43
කොමිසම- සහතික ලේඛනයක් ලබාගන්න කටයුතු කළාද?
සාක්ෂිකරු- කටයුතු කළා.
කොමිසම- ආරම්භ කර තිබෙන්නේ කවුද?
සාක්ෂිකරු- රාවුන්න කෙයියා අසාතු.
කොමිසම- කෙසේද ආරම්භ කරලා තිබෙන්නේ.
සාක්ෂිකරු- 1989 දී දහම් පාසලක් ලෙස ආරම්භ කර තිබෙනවා. මවුලවි තනතුර සඳහා පුහුණු කිරීමේ කටයුතු කර තිබෙන්නේ 2011 සිට.
කොමිසම- මෙහි උගන්වන විෂයන් වෙනස් කර තිබෙනවාද?
සාක්ෂිකරු- මවුලවි තනතුරට අදාළ විෂයන් උගන්වා තිබෙනවා.
කොමිසම- පූර්ණකාලීනව අධ්‍යයන කටයුතු කරලාද?
සාක්ෂිකරු- එහෙමයි.
කොමිසම- බඳවාගෙන තිබෙන්නේ කුමන වයසේ පසුවන්නන්ද?
සාක්ෂිකරු- අවුරුදු 12-16 ත් අතර පසුවන අය.
කොමිසම- එම සිසුන් රජයේ පාසල්වලත් අධ්‍යාපනය ලබා තිබෙනවාද?
සාක්ෂිකරු- මෙම පාසලේම අධ්‍යාපනය ලබා තිබෙනවා පූර්ණකාලීනව.
කොමිසම- එම පාසලේ ශිෂ්‍යයන්ට උගන්වා තිබෙන විෂයන් මොනවාද?
සාක්ෂිකරු- කුරානය ගැන උගන්වා තිබෙනවා.
කොමිසම- මෙම සිසුන්ට අ.පො.ස. (සා/පෙ* හා අ.පො.ස. (උ/පෙ* යන විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලැබිලා තියෙනවාද?
සාක්ෂිකරු- සෙනසුරාදා සහ ඉරිදා ඒ සඳහා ඉගෙන ගැනීමට අවස්ථාව ලැබිල තිබෙනවා.
කොමිසම- මෙම පාසල 2011 සිට පරිපාලනය කළේ කවුද?
සාක්ෂිකරු- පාලන කමිටුවක් තිබෙනවා.
කොමිසම- පාසලේ නඩත්තු කටයුතු සඳහා මුදල් ලැබී තිබෙන්නේ කෙසේද?
සාක්ෂිකරු- එක් ශිෂ්‍යයකුගෙන් රු. 4000 ක් අයකර තිබෙනවා.
කොමිසම- ළමයින් කී දෙනකු අධ්‍යාපනය ලබා තිබෙනවාද?
සාක්ෂිකරු- ළමයින් 36 යි.
කොමිසම- ශිෂ්‍යයන් පමණද?
සාක්ෂිකරු- පිරිමි ළමුන් පමණයි.
කොමිසම- මෙම පාසලේ සිටි සියලූම ළමයින්ට සහරාන් පුහුණු කඳවුරු පවත්වා තිබෙනවාද?
සාක්ෂිකරු- තෝරාගත් අයට.
කොමිසම- තෝරා ගැනීම කරලා තිබෙන්නේ කෙසේද?
සාක්ෂිකරු- සේව් ද පල් යන සංවිධානය මගින් ඇතුළත් කළ සිසුන්ට.
කොමිසම- මොන කාල සීමාවේදී ද?
සාක්ෂිකරු- 2015 මුලසිට 2017 මුල දක්වා
කොමිසම- කී දෙනකු ඇතුළත් කර තිබෙනවාද?
සාක්ෂිකරු- ළමයින් 26 ක්.
කොමිසම- කුමන ප්‍රදේශවල ළමයින්ද ඇතුළත් කරගෙන තිබෙන්නේ.
සාක්ෂිකරු- මට්ටක්කුලිය, මාදම්පේ, පුත්තලම යන ප්‍රදේශවල අය.
කොමිසම- කුමන ආකාරයේ පුහුණුවක්ද ලබාදී තිබෙන්නේ.
සාක්ෂිකරු- අන්තවාදී දේශන, වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම, ටී.56 අවි පුහුණුව, බෝම්බ සකස් කිරීම පිළිබඳව.
කොමිසම- 2019 අපේ‍්‍රල් 21 වන දින අවසන් ඝාතන ප්‍රහාරයට සම්බන්ධ වූ අය ඊට සම්බන්ධ වී තිබෙනවාද?
සාක්ෂිකරු- සහරාන්, ඉල්හාම් අහමඞ්, පුලස්තනී රාජේන්ද්‍ර නොහොත් සාරා, ජෙෆ්රි ෆාතිමා වැනි අය සහභාගිවී තිබෙනවා.
කොමිසම- එම පුද්ගලයන් යම් විෂයක් සම්බන්ධයෙන් පුහුණුවීම් කළාද?
සාක්ෂිකරු- සහරාන් අන්තවාදී දේශන පවත්වා තිබෙනවා. වීඩියෝ දර්ශන ගෙන්වා තිබෙනවා. මොහොමඞ් ඉල්හාමුත් අන්තවාදී දේශන පවත්වා තිබෙනවා. ෆාතිමා ජෙෆ්රි කරාටේ පුහුණු කිරීම කරලා තිබෙනවා. රිල්වාන් ටී.56 අවිය සහ බෝම්බ සකස් කිරීම පිළිබඳව දේශන පවත්වා තිබෙනවා.
කොමිසම- මෙම ස්ථානය පරීක්ෂා කළේ කවදාද?
සාක්ෂිකරු- 2020 ජුලි 24 දා
කොමිසම- එම ස්ථානයේ භාරකාරයා කවුද?
සාක්ෂිකරු- සුල්තාන්
කොමිසම- ඔහු වර්තමානයේ සිටින්නේ කොහෙද?
සාක්ෂිකරු- අත්අඩංගුවේ සිටිනවා.
කොමිසම- මෙම පාසලට මුදල් ආධාර ලැබී තිබෙනවාද?
සාක්ෂිකරු- ළමයින් සහ ගම්වැසියන්ගෙන් ලැබුණු ආධාර මුදල්වලින් පවත්වාගෙන යන බව ප්‍රකාශ වෙනවා. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනවා.
කොමිසම- මෙම පාසලට සම්බන්ධ මුස්ලිම් සංවිධාන තිබෙනවාද?
සාක්ෂිකරු- තවම පරීක්ෂා කරනවා.
-Divaina
No comments:
Post a Comment