ගංජා තහනම අයින් කරමුද? - Lanka News Click 24x7

ගංජා තහනම අයින් කරමුද?

Share This

ගංජා කියන්නේ ලෝකයේ බොහෝ රටවල්වල තහනම් ශාක වර්ගයක් කියලා හැමෝම දන්නවානේ?

ඒකට හේතුව ගංජා බීමෙන් මිනිසාගේ සෞඛ්‍යයට හානිදායක වෙන්න පුළුවන් කියලයි දියුණු රටවල්වලින් කියන්නේ.

 නමුත් ගංජා පානය කිරීමෙන් ඇතිවෙන සෞඛ්‍ය අහිතකරට වඩා විශාල විනාශයක් මිනිසාට ඇති කරන්නේ සිගරට් බීමෙනුයි.

 ඉතිං මට තියෙන ප‍්‍රශ්නය ගංජා තහනම් කරන්නත්, සිගරට් තහනම් නැති වෙන්නත් හේතුව මොකක්ද කියලයි.

 ඒ කතාවෙන් මිදිලා ගංජා සම්බන්ධව සොයා බැලූවොත් අතීතයේ පටන් මිනිසා ගංජා භාවිත කරලා තියෙන්නේ බෙහෙතක් විදියටයි.

 අදත් ගංජා තහනම් වුණත් බෙහෙතක් විදියට ගංජා භාවිත කරනවා.

 එහෙනම් අපි පොඞ්ඩක් බලමු ගංජා සම්බන්ධ ඇත්ත කතාව මොකක්ද කියලා.

 ගංජා බෙහෙතක් විදියට භාවිත කරන්න පටන් ගන්නේ දැනට අවුරුදු 2000 ට උඩදී ඉඳන්.

 සතුරන් සමග සටන් වැදීමෙන් තුවාල ලැබූ සෙබළුන්ට වේදනා නාශකයක් විදියට ගංජා භාවිත කරලා තිබෙනවා.

 නූතනයෙත් පිළිකාව, මතක ශක්තිය බෙලහීන වීම, ඒඞ්ස්, අපස්මාර වගේ රෝගීන් වෙනුවෙන් ගංජා භාවිත කරනවා.

 ඒ වගේම මානසික ආතතිය වගේම ඇඟපත වේදනාව නැති කරන්නත් ගංජා භාවිත කරනවා.

 ගංජා ශාකයේ සියලූ දේවල් ප‍්‍රයෝජනයට ගන්නා අතර අවුරුදු සිය ගණනකට ඉහතදී පටන් ‘‘මා” නම් ගංජා වර්ගය චීනයේ බෙහෙතක් විදියට භාවිත කරනවා.

 ඊට අමතරව එහිබ්ද්, රෝමය වගේ බොහෝ රටවල්වලත් ඇස්, කන්, නහරයන් සම්බන්ධ රෝගයන් වෙනුවෙන් ගංජා භාවිත කරනවා.

 එහෙනම් ඇයි ගංජා තහනම් ශාකයක් බවට පත්වන්නේ කියලා අපිට හිතෙනවා නේද?

ganja2ගංජා තහනම් කරන්න ප‍්‍රධානතම හේතුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ගංජා පානය කිරීමෙන් පසුව අධික කල්පනාව වගේම යටි හිතේ තැන්පත් වෙලා තිබෙන මිනිසාට අමතක වෙච්ච සිතුවිලි පවා එලියට එන්න පටන් ගන්නවා.

 ඒ හේතුවෙන් සිතුවිලි තමන්ගේ පාලනයෙන් මිදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්වල නිරත වෙන්න පටන් ගන්නවා වගේම මානසික රෝගීන් බවට පත්වෙනවා කියලයි ඔවුන් පවසන්නේ.

 (මම නම් දන්නේ ගංජා ගහලා ඉන්න එකා ලොවෙත් වලිවලට යන්නෑ. වලියක් සෙට් වුණත් පොර කරන්නේ ”අඩෝව් මගේ පණ, උඹ මගේ බොක්ක ඩෝ ඉඳා ජොයින්ට් පාරක් ගහපන්” කියලා වලියට ආපු එකාවත් සාමයට ඇද ගන්නවා)

 එක්සත් ජාතීන්ගේ එම තීරණයෙන් පසුව ඇමරිකාව සහ එංගලන්තයේ ඖෂධ ලේඛනයන්වලින් ගංජා නම ඉවත් කර දමනවා.

 ලෝක රටවල්වලට ගංජා තහනම් ශාකයක් විදියට හේතු පෙන්වලා තහනම් කරලා දාපු ගංජා ඇමරිකාව වගේ රටවල්වල තවමත් තහනම්ද?

 අපෝ නෑ

 2004 වසරේ ඇමරිකාවේ ප‍්‍රාන්ත 29ක ගංජා තහනම ඉවත් කර දමනවා.

 ඒක මාරයිනේ?.........

 ගංජා නිසා මෙහෙම දේවල් ඇති වෙනවා කියලා ලෝකයාට පෙන්වලා දීලා තමන්ගේ ඖෂධ ලේඛනයන්වලින්ද ගංජා නාමය ඉවත් කරපු ඇමරිකාව කාලෙකට පස්සේ තමන්ගේ රටේ ප‍්‍රාන්ත ගණනාවක ගංජා තහනම ඉවත් කරපු හේතුව නම් මට හිතාගන්නත් බෑ.....

 එතකොට මේ අය ගංජා ගැන කියපු දේවල් එදා ඇත්ත වෙන්නත් අද ඒවා අවුලක් නෑ වගේ වෙන්නත් හේතුව මොකක්ද කියලා බලමු.

 ගංජා කියන්නේ තවත් මත්ද්‍රව්‍ය වලට යන්න පුළුවන් ප‍්‍රධාන දොරටුවක් කියලයි එදා දියුණු රටවල් කිව්වේ.

 නමුත් ඒකත් බොරුවක් කියලා කියන්නේ ඇමරිකාවයි.

 2013 දි ඇමරිකාවේ සමීක්ෂණයක් කරනවා. එම සමීක්ෂණයෙන් ඔවුන්ට තහවුරු කරගන්න පුළුවන් වෙනවා 32%ක් සිසුන් ගංජා පානය කරන අතර එයින් 1.8% පමණයි කොකේන් පාවිච්චි කරලා තිබෙන්නේ කියලා.

 ඊට අමතරව 0.6%ක් පමණයි හෙරොයින් පාවිච්චි කරලා තිබුණේ.

 එම සමීක්ෂණයෙන් පසුව ඔවුන් තීරණයට එනවා ගංජා භාවිත කිරීමෙන් වෙනත් මත්ද්‍රව්‍යයන් වලට ඇබ්බැහිවීමේ අවස්ථාව ඉතාමත්ම අඩුයි කියලා.

 ගංජා තහනම් කරන්න ඔවුන් එදා කියපු කාරණයක් තමයි ගංජා භාවිතය නිසා මොළේ ස්නායු විනාශ වෙනවා කියලා.

 ඒ බව කියන්නෙත් ඇමරිකාවේ ”ඩොක්ට(ර්) රොබට් ජී හීත්” කියන විද්‍යාඥ්‍යවරයෙක්.

 1974 දි වානරයන් දෙදෙනෙක්ට අවුරුද්දක් පුරාවටම ගංජා පානය කරන්න සලස්වලා ඉන් පසුව ඔහු කියා සිටිනවා, එම වානරයන්ගේ මොළයට විශාල විදියට හානි සිදු වෙලා තිබෙනවා, එනිසා මිනිසාටත් ඒ හා සමාන දෙයක් සිදු වෙන්න පුළුවන් කියලා.

 නමුත් මේ හා සමාන පරීක්ෂණයක් අනූව දශකයේ නවක විද්‍යාඥ්‍යවරුන් කෙරූ අතර එම පරීක්ෂණයේදි ඔවුන් තහවුරු කරගන්නවා වානරයන්ගේ මොළයට කිසිදු හානියක් සිදුනොවී තිබූ බව.

 අනිත් කාරණය තමයි ගංජා වලින් පෙනහළු පිළිකා හැදෙනවා කියන එක.

 නමුත් මෑතකදි ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනයක් විසින් කෙරූ පරීක්ෂණයකට අනුව ඔවුන් කියා සිටිනවා ගංජා සහා පිළිකාව අතර කිසිදු සම්බන්ධයක් නෑ කියලා.

 ඔන්න ඔය හේතුන් නැවතත් නිවැරදි කිරීමෙන් පසුවයි ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවක ගංජා තහනම ඉවත් කෙරේ.

 කොහොම වුණත් 100%ක්ම ගංජා සෞඛ්‍යට හිතකරයි කියලා හිතන්නනම් අමාරුයි.

 මොකද ඕනම දෙයක් ඕනෑවට වඩා භාවිත කරයිනම් ඒක සෞඛ්‍යට අහිතකරයි.

 පැනඩෝල් පෙත්ත පවා ඕනෑවට වඩා භාවිත කරයිනම් ඒකත් සෞඛ්‍යට අහිතකරයිනේ?

 එහෙනම් එක දිගට ගංජා පානය කිරීමෙන් තමන්ගේ මතක ශක්තිය අන් බැලන්ස් වීමෙන් ලොකු අවුලක් ඇති වෙන්නත් පුළුවන්.

 කොහොම වුණත් ලංකාවෙත් ගංජා නීතිගත කරලා රජයේ නියමයන්ට අනුව ගංජා වගා කරලා පිටරටවල්වලට යවන්න පුළුවන් දෙයක් කරනවානම් රටට හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් වේවි.
-Divaina

No comments:

Post a Comment

Pages