ආන්ඩුව බංකොලොත් වෙයි?රාජ්‍ය සේවක පඩි නඩි ගෙවීමත් ගැටලුවක් වන ලකුනු. - Lanka News Click 24x7

ආන්ඩුව බංකොලොත් වෙයි?රාජ්‍ය සේවක පඩි නඩි ගෙවීමත් ගැටලුවක් වන ලකුනු.

Share This

රුපියල් බිලියන 9 කට ආසන්න සියලූම ව්‍යාපෘති ණය නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි ද ඉදිරි මාස හතරක කාලය සඳහා අතුරු සම්මත ගිණුම ඊයේ (27 දා* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

 පසුගිය කාලය තුළ මෙරට මුළු ණය ප‍්‍රමාණයෙන් හරි අඩක්ම විදේශීය ණය බවත් ණය වෙනුවට ආයෝජන ප‍්‍රවර්ධනය කෙරෙහි වත්මන් රජය මූලිකවම කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

 2019 වසරේ නොගෙවූ බිල්පත් පියවීම සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එබැවින් රජයේ වියදම් යම් ප‍්‍රමාණයකට පාලනය කිරීමට හා රජයේ අයවැය හිඟය අඩු කිරීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා කීවේය.

 මෙම වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස හතර සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1900 ක් වෙන් කරන බවත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300 ක ණය සීමාවක් අනුමත කිරීම මෙම අතුරු සම්මත ගිණුමෙන් සිදුවන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

 තමාගේ රජය 2014 දී රට භාරදෙන විට ආර්ථික වර්ධන වේගය සියයට 05 ත් 06 ත් අතර පැවතිය ද එය ක‍්‍රමයෙන් පහළ ගොස් 2019 අවසන් වනවිට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන මට්ටම වන සියයට 02 දක්වා අඩු වී තිබෙන බව ද මෙහිදී අගමැතිවරයා පැවසීය.තවද පසුගිය මාස හතරක කාලයක් තුල රට වසා තැබීම නිසා සිදුවු ආර්ථිකයට සිදුවු දැඩි පසුබෑම නිසා රජයේ අත්‍යවශ නොවන වියදමි කපා හැරිමක් සිදුනොකලහොත් රාජ්‍ය සේවක පඩි නඩි ගෙවීමත් ගැටලුවක් වන බව හෙතෙම පැවැසිය. 

 එබැවින් මෙරට ආර්ථිකය පණගැන්වීමට පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙන බවත් ඒ සඳහා ජනාධිපති සහ රජය සමග එක්වන්නැයි සියලූම දෙනාගෙන් ඉල්ලා සිටින බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 -ප්‍රියත් සේනාධීර.

No comments:

Post a Comment

Pages