'පසුගිය මාස තුනේ විදුලි බිල ගණනය කලේ විද්‍යාත්මක ක්‍රමයකට.'-ඇමති අමරවීර. - Lanka News Click 24x7

'පසුගිය මාස තුනේ විදුලි බිල ගණනය කලේ විද්‍යාත්මක ක්‍රමයකට.'-ඇමති අමරවීර.

Share This

මාර්තු මාසය ආරමිභයේ සිට මැයි මාසයේ අවසානය දක්වා ගෘහස්ථ විදුලි බිල ගණනය කොට ඇත්තේ ඒ කාලසීමාව තුල භාවිතා කල මුලු ඒකක ගණන තුනෙන් බෙදා එන ඒකක ගණන මත එක මාසයක බිල ගනනය වන පරිදි මාස 3 සදහා විදුලි බිල්පත තුන නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ මෙම මාස තුනේ බොහෝ නිවෙස් වල සමාජිකයින් නිවෙස් තුළම රැදිම නිසා වැඩි විදුලි පරිභෝජනයක් සිදු කිරිම නිසා බිල්පත් අයකිරිම ඉහල ගොස් තිබිම නිසා ඇතැමි පාර්ශව මෙ පිළිබද රජයට චෝදනා කලද විදුලිබිල ගණනය කොට ඇත්තේ විද්‍යාත්මක ක්‍රමයකට බවයි.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(14) චිත්‍රාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝඛය(fb)

No comments:

Post a Comment

Pages