එ.ජා.ප නායකත්වය සිල්ලර විදියට වෙනස් කරන්න බැහැ - මහාචාර්ය ආශු මාරසිංහ - Lanka News Click 24x7

එ.ජා.ප නායකත්වය සිල්ලර විදියට වෙනස් කරන්න බැහැ - මහාචාර්ය ආශු මාරසිංහ

Share This
ඕනෑම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මහජන නියෝජිතයකුගේ වගකීම වන්නේ නීත්‍යනුකූලව පත්ව සිටින නායකත්ත්වය ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග‍්‍රහණය කරා ගෙන යෑමට කැපවීමය. ඒ වගකීම නිසි ලෙස ඉටු කරමින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් ලබා දෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමග ‘දිවයින ඉදිරිදා සංග‍්‍රහය’ කළ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්වුණා. මේ පරාජයට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?

පිළිතුරු - මෙය අන්ත පරාජයක් ලෙස මා විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිවරණය ඡන්ද ප‍්‍රතිඵල දෙස බලන විට අපට පාඩම් රැසක් ඉගෙන ගැනීමට ලැබෙනවා.

මේ පරාජයට හේතු දෙස බැලීමේදී සිංහල බෞද්ධ පදනම දෙදරා ගොස් තිබෙන බව පැහැදිලි වෙනවා. ඒ වගේම මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පන්තියෙත්, තරුණ ඡන්ද වලත් අඩුවක් තිබෙනවා. මේ සියලූ පාර්ශ්වයන්ගෙන් අපට අහිමි වී තිබෙන්නේ ඡන්ද හයලක්ෂ පන්දහසක් වැනි ප‍්‍රමාණයක් බව කිව යුතුයි.

ජනාධිපතිවරණයේදී මෙලෙස අහිමි වී ගිය ඡන්ද ප‍්‍රමාණය ලෙස අවධානය යොමු කරමින් නිසි අධ්‍යයනයක් කළොත් එළඹෙන මහ මැතිවරණයේදී එය නිවැරදි කරගෙන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 113 ක් ලබා ගත හැකිය.

ප‍්‍රශ්නය - ඔව් ප‍්‍රකාශ කරන පරිදි සිංහල බෞද්ධ ඡන්ද පක්ෂයෙන් ඈත් වීමට බලපෑ හේතු මොනවාද?

පිළිතුරු - මේ සඳහා කරුණු ගණනාවක් බලපා තිබෙනවා. මහමැතිවරණ සමයේදී ඇතැම් මැති ඇමැතිවරු කළ ප‍්‍රකාශ නිසා සිංහල බෞද්ධ ජනතාව දැඩි කලකිරීමකට පත්වුණා. එමෙන්ම අලූත් ඡන්ද දායකයන්ට නිසි පරිදි අපි මහ මැතිවරණයේදී මේ අඩුපාඩු අප නිවැරදි කර ගත යුතුයි.

මේ සම්බන්ධව අප සිදු කරන පසු විපරමේදී 2015 ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලබා ගත් ආසන වල ක‍්‍රියා කළ ආකාරය ගැන විග‍්‍රහයක් සිදු කළ යුතුයි. මේ සම්බන්ධව උදාහරණයක් ලෙස කියනවා නම් සිංහල බෞද්ධ ඡන්ද තිබෙන සේරුවිල ආසනය ගෙන බැලිය හැකිය. 2015 ජනාධිපතිවරණයට වඩා එම ආසනයෙන් වැඩි ඡන්ද 3,000 කට වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණා. එම ආසනයේ ජනාධිපතිවරණ කටයුතු ආවරණය කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සන්දීත් සමරසිංහ මැතිතුමා පත් කර තිබුණා. සන්දීත් සමරසිංහ මැතිතුමා එලෙස කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් සේරුවිලට ගියේ යම් කැප කිරීමක් කරලයි. ඒ කාල වකවානුවේ වසන්ත සේනානායක මන්ත‍්‍රීතුමාට පොළොන්නරුවේ සිට කෑගල්ලට ඒමට අවශ්‍ය යැයි ප‍්‍රකාශ කළ නිසා සන්දීත් මන්ත‍්‍රීතුමා තම ආසනය ඒ වෙනුවෙන් කැප කලා.

සන්දීත් සමරසිංහ මන්ත‍්‍රීතුමා සේරුවිල ආසනයේ නිවෙස් වලට තුන් හතර වතාවක් ගොස් ජනතාව දැනුවත් කළ බව එතුමා ප‍්‍රකාශ කළා. ජනතා නියෝජිතයෙක් ලෙස එතුමාගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම නිසා ඒ ආසනයේ අපේ ඡන්ද ප‍්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වුණා.

එවැනිම ආසනයක් ලෙස නිවිතිගල ආසනය හැඳින්විය හැකිය. එම ආසනයේ තලතා අතුකෝරළ මන්ත‍්‍රීතුමියට සහාය වීමට අලූතෙන් පත්වූ වරුණ ලියනගේ මන්ත‍්‍රීතුමා යොමු කළා. එතුමාද කැපවී කටයුතු කළා නිවෙසින් නිවෙසට ගමන් කළා. ජනතාව දැනුවත් කළා. ඒ අනුව නිවිතිගල ආසනයෙන් පසුගිය 2015 ජනාධිපතිවරණයේ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය නොකළත් ඡන්ද ප‍්‍රමාණය වැඩි කර ගන්න හැකි වුණේ කැපවීමෙන් ක‍්‍රියා කළ නිසායි.

2015 දී අප ලබා ගත් ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට අපට හැකි වුණානම් අප මේ ඡන්දය ජයග‍්‍රහණය කරනවා. ඒ අනුව 2015 ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය අපිට අහිමි වුණේ ඇයි ද යන්න පිළිබඳව අප පසු විපරමේදී බැලිය යුතුයි. ඒ හරහා ඉදිරි මහමැතිවරණයට ජයග‍්‍රහණය කිරීමට අප පියවර ගත යුතුයි.

ප‍්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ බෙදීම ජනාධිපතිවරණය පරාජයට බලපෑ ප‍්‍රධාන කරුණක් බව ඇතැම් පාර්ශ්ව ප‍්‍රකාශ කරනවා. ඇත්තටම පිල් දෙකක් ලෙස ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළාද?

පිළිතුර - පිල් දෙකක් ලෙස කවුරුවත් කටයුතු කළේ නැහැ. අපි හැමෝම සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වුණා. අපේ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සිට පක්ෂයේ සෑම කෙනෙක්ම උපරිම ලෙස වැඩ කළා. කාටවත් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ.

ප‍්‍රශ්නය - නමුත් වෙන මහ මැතිවරණ වලදී මෙන් සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේ සිට ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන ආකාරයක් මෙවර අප දුටුවේ නැහැ.

පිළිතුර - ඔව් ඇත්ත යම් අඩුපාඩුවක් තිබුණ බව මා පිළි ගන්නවා. ඡන්ද ව්‍යාපාර මෙහෙයවීමේදී වොක්ෂෝල් වීදියේ කාර්යාලයෙන් එය එලෙස සිදු නොකර ප‍්‍රධාන යාන්ත‍්‍රණය සිරිකොත මූලස්ථානයේ තිබුණා නම් මීට වඩා පාක්ෂිකයන් එම යන්ත‍්‍රණය හා බැඳී කටයුතු කරනවා.

වොක්ෂොල් වීදියේ පිහිටි කාර්යාලයේ සිට ප‍්‍රධාන යාන්ත‍්‍රණය මෙහෙය වූ තිස්ස අත්තනායක, ශිරාල් ලක්තිලක වැනි ඇතැම් චරිත පසුගිය ආණ්ඩු සමයේ හිටපු ජනාධිපති හා හිටපු අගමැති අතර විරසකය ගොඩ නගන්න ක‍්‍රියා කරපු අය. එවැනි අය පක්ෂයේ යාන්ත‍්‍රණය මෙන්ම මහ මැතිවරණ යාන්ත‍්‍රණය අතට ගත්තාම ඔවුන් බැලූවේ ඔවුන්ගේ පෞද්ගලික සැලසුම් සමග යෑමටයි. ඇතැම් විට ඔවුන් ආසන සංවිධායකයන් වෙනුවට විමර්ශනය කිරීමේ කටයුතු වලට වෙනත් කණ්ඩායම් පත් කර තිබුණා.

මැතිවරණ පරාජයෙන් පසු විවිධ චෝදනා නගමින් ඇඟිල්ල දිගුවී තිබෙනවා. මේ හැමෝටම මා කියන්නේ අනුන්ට ඇඟිල්ල දිගු කරන්න කලින් තමන් වෙත ඇඟිල්ල දිගු කර ගන්නා ලෙසයි. අපි සියලූ දෙනා එක්ව වැරදි නිවැරදි කර ගත්තොත් ඉදිරි මහමැතිවරණය පහසුවෙන් ජය ගත හැකිය.

අපි සියලූ දෙනාම එකමුතුව එක අරමුණකින් ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතුයි. එහිදී අපෙන් ගිලිහී ගිය පාර්ශ්ව නැවත අප වෙත යොමු කරවා ගත යුතුයි. ගරුතර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා අප ලබා ගත යුතුයි. එලෙස කටයුතු නොකර සුප‍්‍රකට පයිප්ප බාස්ගෙන් උපදෙස් ගත්තොත් පක්ෂය විනාශය කරා ගමන් කරනවා. ඒ නිසා සුප‍්‍රකට පයිප්ප බාස්ගෙන් උපදෙස් නොගෙන ගරුතර ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඉදිරියට ගමන් කළ යුතු බව සියලූ දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා.

ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතාට ප‍්‍රමාද වී අපේක්ෂකත්වය ලැබීම පරාජයට හේතු වූ තවත් ප‍්‍රධානතම කරුණක් වන බව ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ මතය වී තිබෙනවා. එය එසේ නොවෙයි කියා ඔබට ප‍්‍රකාශ කරන්න පුළුවන්ද?

පිළිතුර - එය සම්පූර්ණයෙන්ම මා ප‍්‍රතික්ෂේප කරනවා. මොකද සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ප‍්‍රකාශය දෙස බලන විට ඔබ ඔය කියන ප‍්‍රමාදය පරාජයට හේතුවක් කියන කාරණය බොරුවක් බව ඔප්පු වෙනවා.

ප‍්‍රචාරක රැලි 150 කට වැඩි සංඛ්‍යාවක් ආමන්ත‍්‍රණය කර වාර්තාවක් තැබූ බව සජිත් පේ‍්‍රමදාස මහතා වරෙක ප‍්‍රකාශ කළා. එලෙස වාර්තාවක් තැබූ බව ප‍්‍රකාශ කිරීම තුළින්ම කාලය ප‍්‍රමාණවත්ව තිබූ බව සනාථ වෙනවා. නමුත් මෙහිදී අපි වාර්තා තබනවාට වඩා ප‍්‍රධාන රැස්වීම් ප‍්‍රමාණය අඩු කර එම කාලය පොකුරු රැස්වීම් වලට හා අනෙකුත් පාර්ශ්ව ආමන්ත‍්‍රණය කිරීමට යෙදෙව්වා නම් මීට වඩා ප‍්‍රතිඵල ගන්න තිබුණා.

ප‍්‍රධාන රැලි 154 කට සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගි වුවත් බොහෝ විට ඒ සෑම රැලියකදීම එකම කරුණ ප‍්‍රකාශ කළේ. තවත් පැත්තකින් දකින දකින හැම දේම නොමිලේ ලබා දෙන බවට පොරොන්දු වුණා. මෙවැනි පසුබිමක හැම දෙයක්ම නොමිලේ ලබාදී රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියා ජනතාව කල්පනා කළා. එවැනි වැරදි ගණනාවක් සිදු වුණා. ඒ වැරදි නිවැරදි කරගෙන අප ඉදිරියට යා යුතුයි.

ප‍්‍රශ්නය - නමුත් විපක්ෂ නායක ධුරය තමාට ලබා දීම පිළිබඳව තවමත් යෝජනාවක් පමණයි සිදුව තිබෙන්නේ කියා සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කරනවා. එසේනම් එම ධුරය ඔහුට ලබා දී තිබෙන බව ඔබ කොහොමද ප‍්‍රකාශ කරන්නේ.

පිළිතුර - එතුමා යෝජිත විපක්ෂ නායක නොවෙයි. නියම විපක්ෂ නායක. මොකද? මේ වන විට එතුමා එම ධුරයට පත් කර අවසන්. නිල වශයෙන් පාර්ලිමේන්තුව තුළ එතුමාගේ නම කියවෙන්නේ නැවත පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුවයි. නමුත් අද මුළු රටම දන්නවා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස බව. ඒ නිසා එතුමා ඒ බලය ස්ථාපිත කර ගත යුතුයි. අපි හැකිතාක් මේ ගැන එතුමාට තේරුම් කළා. එතුමා වටේ සිටින අයත් කළ යුත්තේ මෙයයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවෙන් පිටත විශාල කාර්ය භාරයක් සිදු කළ හැකියි. එතුමාට අවශ්‍ය නම් තානාතිපතිවරු, මහා සංඝරත්නය, සිවිල් සමාජය වැනි පාර්ශ්ව මුණ ගැසී මේ ගැන සාකච්ඡා කළ හැකිය.

ප‍්‍රශ්නය - නමුත් පක්ෂ නායකත්වය නොමැතිව වෙන කිසිදු තනතුරක් පල නොවන බව තමා සජිත් පාර්ශ්වය ප‍්‍රකාශ කරන්නේ.

පිළිතුර - පක්ෂ නායකත්වය සම්බන්ධව අද ඇති වී තිබෙන අනවශ්‍ය අවුලක්, පක්ෂ නායකත්වය සිල්ලර ආකාරයට වෙනස් කරන්න බැහැ. ඒ සඳහා නිසි සුදුසුකම් සම්පූර්ණ විය යුතුය. මේක දුන්නේ නැත්තම් අරක දුන්නේ නැත්තන් මං කරන්නේ නැහැ කීම වැරදියි. ඇතැම් විට පාසල් ළමයිනුත් මෙවැනි ප‍්‍රකාශ කරනවා. පරිගණකයක් ලබා දුන්නේ නැතිනම් විභාගය නොකරන බව කියනවා. තවත් ළමයෙක් ජංගම දුරකථනයක් නොදුන්නොත් විභාගයට පෙනී සිටින්නේ නැහැ කියනවා.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා පරිනත නායකයෙක් මෙන්ම ඉදිරිය ගැන සිතන නායකයෙක් විදිහට ඔහු කළ යුත්තේ සියලූ දෙනාම එකතු කරගෙන විපක්ෂ නායක, පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස මෙන්ම අගමැති අපේක්ෂක ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට පක්ෂයේ නායකතුමා ඇතුළු අනෙකුත් සියලූ දෙනා සමග එකතු වී ඉදිරියට යෑමයි. අපි සියලූ දෙනාම එකතුවී මහ මැතිවරණයට මුහුණ දෙමු කියා එතුමා ප‍්‍රකාශ කළොත් මේ ප‍්‍රශ්නය විසඳෙනවා. එසේ නොමැතිව එතුමන් මේ ප‍්‍රශ්නය ඇදගෙන යනවානම් විසඳුමක් ලැබෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය - වත්මන් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාර දීමට සූදානම්ද ?

පිළිතුර - අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ මෙසේ නායකයෙක් නොවේ. ඔහු ලොවක් ඉල්ලන නායකයෙක්. මේ රට දියුණු රටක් ලෙස ලෝකයට එක් කළ හැකි නායකයෙක්. මෙවැනි පරිනත දේශපාලනික නායකයන් ලෝකයේ අල්පයි. මෙවැනි නායකයෙක් සමග දේශපාලනය කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර විය යුතුයි. දකුණු ආසියාවටම මෙවැනි පරිනත දේශපාලන නායකත්වයක් නැහැ.

ප‍්‍රශ්නය - පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක‍්‍රියාවක් බව ඔබ ප‍්‍රකාශ කර තිබුණා. එය නීති විරෝධී ක‍්‍රියාවක් ලෙස හඳුන්වන්නේ කෙසේද ?

පිළිතුර - මේ නීති විරෝධී ක‍්‍රියාවක් ලෙස එකවරම අපට හුවා දැක්විය නොහැකියි. මේ සම්බන්ධව අධිකරණ නියෝගයක් තිබෙනවාද කියන එක වෙනම කාරණයක් බව කිව යුතුයි. ඒ ගැන වෙනම විග‍්‍රහ කළ යුතුයි. නමුත් මේ ක‍්‍රියාව සදාචාර සම්පන්න නැහැ. මෙය සම්ප‍්‍රදාය කඩ කිරීමක්. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී කථානායකතුමා දැනුවත් කළ යුතුයි. නමුත් චම්පික රණවක මහතා අත්අඩංගුවට

ගැනීමේදී සම්ප‍්‍රදාය කඩ කිරීම තුළින් මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් අපි අද දිනයේදී කථානායකතුමාට ලිපියක් භාර දුන්නා. කථානාකතුමා දැනුවත් නොකර පොලිස් නිලධාරීන් රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි වන්නේ පොලිසිය නීතිය අතට ගෙන ඇති බවයි. එය ඉතාම භයානක තත්ත්වයක් බව කිව යුතුයි. මේ ආකාරයටම ඉදිරියේදී අපවත් අත්අඩංගුවට ගනීවි. සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගනීවි. ජනාධිපති නීතිඥවරු කිහිප දෙනෙක් මේ ආකාරයටම අත්අඩංගුවට ගැනීමට යන බව දැන ගන්න තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔව් විපක්ෂයක් ලෙස මේ සම්බන්ධව ගන්නා ක‍්‍රියාමාර්ග මොනවා ද?

පිළිතුර - ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උපරිම ක‍්‍රියාමාර්ග කරා යොමු වීමට අපි සැලසුම් කරමින් සිටින බව කියන්න කැමතියි.

ප‍්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ ඵක්‍ක්‍ ගිවිසුම වත්මන් ආණ්ඩුව නුදුරේදී අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. එම ගිවිසුමේ කරුණු වලින් 70% ක්ම අනුමත කරන බව උදය ගම්මන්පිල මැතිතුමාද ප‍්‍රකාශ කර සිටිනවා. වත්මන් ආණ්ඩුව මෙම ගිවිසුමට අත්සන් තැබුවොත් එ.ජා.ප එයට විරුද්ධ වනවාද?
සාකච්ඡා කළේ - අරුණ සතරසිංහ -Divaina Sunday.

No comments:

Post a Comment

Pages