චම්පික සංවිධානය කල සජිත්ගේ මහරගම රැළිය අති සාර්ථකයි (PHOTOS) - Lanka News Click 24x7

චම්පික සංවිධානය කල සජිත්ගේ මහරගම රැළිය අති සාර්ථකයි (PHOTOS)

Share This


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සංවිධානය කල සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන මහරගම ජන රැළිය සදහා ඊයේ(29) දැවැන්ත ජන සහභාගීත්වයක් පැවති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක් ලෙස හැදින්වෙන මහරගමදී එක්සත් ජාතික පක්ෂ රැළියක් මෙතරම් සාර්ථකව පැවති පළමු අවස්ථාව මෙයයි.


එම රැළිය ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා,

"ඒකීය ශ්‍රි ලංකාව ආරක්ෂා කරමින් ,බුදු දහමට මුල් තැන ලබා දෙමින් ,සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපි දැවැන්ත කැප කිරීම් කරන්න කටයුතු කරනවා.එය අපේ වගකීම.යුතුකම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ඇති පරිදි සම්බුද්ධ ශාසනයට උසස් ස්ථාවරයක් ලබා දෙන්න අප කටයුතු කරනවා.මේ රටේ බුද්ධශාසන අමාතශංය ඇති කලේ දිවංගත මගේ පියාණන්.බුද්ධ ශාසන අර මුදල ස්ථාපනය කර සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්න ගම් උදාවක් ගම් උදාවක් පාසා චෙත්‍යයන් ඇති කළා.මමත් සෑබෑ ප්‍රායෝගිය බෞද්ධයෙක් ලෙසින් පසුගිය වසර හතරාහාමාර තුළ විහාරස්ථාන 1125 චෙත්‍යය හැදුවා.

අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා සේම,පොදු ජනතාව ගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කළ යුතුයි.රාජ්‍යය පාලකයෝ මේ රටේ ජනතාව අතුරුදහන් කරන පුද්ගලයින් වෙන්න බැහැ.රාජ්‍ය පාලකයින් සන්සුන් මනසකින්,සොදුරු දැක්මකින් මනුෂ්‍යත්වයෙන් ශක්ති සම්පන්න ජව සම්පන්න මාතෘභුමියක් නිර්මාණය කළ යුතුයි."






























No comments:

Post a Comment

Pages