මහින්ද දෙමළ චන්ද සොයා යයි - Lanka News Click 24x7

මහින්ද දෙමළ චන්ද සොයා යයි

Share This
2015 වසරේ දී මහින්ද රාජපක්ෂ සිය පරාජයේ දී ප්‍රකාශ කළේ දෙමළ ඡන්ද යනු ඊලාම් රාජ්‍යය සඳහා ලබා දෙන ඡන්ද බවයි.නමුත් අද ඔවුන්ටම එම ඡන්ද ඩැහැ ගැනීම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කිරීමට සිදුව ඇත.කෙසේ වෙතත් අතුරුදහන් වූවන් ගැන ඔවුන්ට වග වීමක් නැත.
Image result for mahinda at jaffna
ඒ බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීම ඔප්පු කිරීමට කටයුතු කළේ ය.නමුත් 2015 දී බලයට ආ යහපාලන රජය ඉතා කෙටි කාලයක් තුළ භෞතික මෙන්ම මානව සංවර්ධනය අතින් ද උතුරු පළාත ඉහළටම ඔසවා තැබීය.

එහි ඇරඹුම සනිටුහන් වන්නේ සංහිඳියාව අගයමින් මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම යි.ඉන් නොනැවතුණු මේ රජය දෙමළ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ගෙන ආවේය. උතුරු නැගෙනහිර නව නිවාස ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කළේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසයි.

භෞතික සම්පත් පමණක් ලබාදී නිහඬව සිටීම වෙනුවට වත්මන් රජය දෙමළ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගත්තේය.උතුරු පළාතට නව වරායක් හා අන්තර්ජාතික ගුවන් තොටුපළක් ලබා දීම එහි ප්‍රමුඛතම පියවරකි.ඊට අමතරව මහා පරිමාණ ඇඟලුම් ශාලා කිහිපයක්ම දෙමළ ජනතාවගේ රැකියා ප්‍රශ්නය වෙනුවෙන් උතුරේ ස්ථාපිත කරන ලදී.

මේ සියල්ල අතරේ උතුරේ ව්‍යාපාර අරඹන ව්‍යාපාරිකයන්ට බදු සහන රැසක් ද ලබා දීමේ ප්‍රතිපත්තියක් රජය අනුගමනය කළේ දෙමළ ජනතාව වසර තිහක් අත්නොවිඳි සැබෑ සංවර්ධනයේ  අරුණලු උදා කර දීමේ අපේක්ෂාවෙනි.

මේ සියලු කර්තව්‍යයන් වලට අනගි සහයක් ලබා දුන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන ඉතිහාසගත වන්නේ උතුරේ වැඩිම අවස්ථා ගණනක් සංචාරය කළ ජනාධිපති ලෙසයි.

No comments:

Post a Comment

Pages