සුරූපී විවාහක කතුන් මුදලට විකුණූ බොල්ගොඩ හෝටලය වටලයි,කාන්තාවෝ සිවුදෙනෙක්‌ හා කළමනාකරු අත්අඩංගුවට. - Lanka News Click 24x7

සුරූපී විවාහක කතුන් මුදලට විකුණූ බොල්ගොඩ හෝටලය වටලයි,කාන්තාවෝ සිවුදෙනෙක්‌ හා කළමනාකරු අත්අඩංගුවට.

Share This
සුරූපී විවාහක කතුන් මුදලට අලෙවි කරන පානදුර බොල්ගොඩ ගඟ අසබඩ හෝටලයක්‌ වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් සිවුදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට 25 දා පානදුර දකුණ පොලිසිය සමත් විය.

 මෙසේ අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසුවන කළුතර රංවල මැදමුලන සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.

 නිතර නිතර සැකකටයුතු වාහන හෝටලයට පැමිණෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද ලිපි කිහිපයක්‌ සැලකිල්ලට ගෙන වැටලීම සිදුකර ඇති බව පැවසේ.

 ආයුර්වේද සම්භාහන පුවරු ප්‍රදර්ශනය කරමින් ජාවාරම පවත්වාගෙන ගොස්‌ ඇතත් එහි ආයුර්වේද වෛද්‍යවරයෙක්‌ නොසිටි බවත් කිසිදු බලපත්‍රයක්‌ නොතිබූ බවත් පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

 සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 පානදුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි ඩී. එස්‌. වික්‍රමසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි මහින්ද වීරක්‌කොඩි සහ උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි පානදුර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක තුෂාර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකළහ.
-Divaina

No comments:

Post a Comment

Pages