මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් අනුමැතිය,ප‍්‍රදානය ඩොලර් මිලියන 480. - Lanka News Click 24x7

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් අනුමැතිය,ප‍්‍රදානය ඩොලර් මිලියන 480.

Share This

එක්සත් ජනපද සහශ‍්‍ර ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක ප‍්‍රදානය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊයේ (29 දා) හිමි වී ඇත.

 මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමෙරිකානු රජයේ සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ශ‍්‍රී ලංකාවට ලැබෙන ප‍්‍රදානයක් ලෙස එම මුදල හිමිවීමට නියමිතය.

 කොළඹ ප‍්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප‍්‍රදානය යටතේ ක‍්‍රියාත්මක කෙරේ.

 මෙම මුදල ලබාගැනීමට අදාළව කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව කලින් ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම ප‍්‍රදානය උපයෝගී කරගෙන ක‍්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප‍්‍රධාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත. ඵසකකැබබසමප ක්‍ය්කකැබටැ ක්‍දරචදර්එසදබ :ඵක්‍ක්‍* සමග මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුව ද ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ‍්‍රී ලංකා රජය සතුව පවතී.

 ඇමෙරිකානු ජනතාවගෙන් මෙම ප‍්‍රදානය ලබාගන්නා 37 වැනි රට ශ‍්‍රී ලංකාව වේ. අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සරමවීර මහතා විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භවීමත් සමග ක‍්‍රියාත්මක කෙරේ.

 ඵසකකැබබසමප ක්‍ය්කකැබටැ ක්‍දරචදර්එසදබ වෙතින් ලැබෙන මෙම ප‍්‍රදානය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප‍්‍රථම වතාවට සාකච්ඡුා ඇරඹුවේ එවකට සිටි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වසරේදීය. ඒ අනුව, මෙම සාකච්ඡුාව මුදල් අමාත්‍යාංශයේ සහ ඵක්‍ක්‍ නියෝජිතයන් අතර පැවැත් වූ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළඹීමට හැකිවිය.
-Divaina

No comments:

Post a Comment

Pages