17 වැනිදා සිට බලගන්වන රට සුරකින,ආයෝජන කැන්දන සුපිරි ආරක්‍ෂක සැලැස්ම ගෝටා හෙලි කරයි. - Lanka News Click 24x7

17 වැනිදා සිට බලගන්වන රට සුරකින,ආයෝජන කැන්දන සුපිරි ආරක්‍ෂක සැලැස්ම ගෝටා හෙලි කරයි.

Share This
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කඩුවෙලදී පැවති ජනාධිපතිවරණ ජනරැළිය අමතමින් මෙම අදහස් පල කලේය.

අපේ ජයග‍්‍රහණයෙන් පසුව විනයගරුක කි‍්‍රයාශිලි ඵලදායි ආන්ඩුවක් අපි ඇති කරනවා. විනිවිද භාවයක් සහිත කි‍්‍රයාශිලී රජයක් ඔබ බලාපොරොත්තු වෙනවා වගේම අපි ඒ රජය ලබා දෙනවා. අපේ ජයෙන් පසුව රාජ්‍ය ආයතන වලට පත්කරන්නේ වැඩ කළ හැකි අයයි. ඒ අයට අපි නිසි ඉලක්ක ලබාදි ඔවුන්ගේ ප‍්‍රමිතිය බලනවා. රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත්කල යුතුයි. ඒ ආයතන විදේශීකයින්ට විකුණන්න බැහැ. එදා නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරිය රටට විශෘල සේවයක් කරන ආයතන බවට අපි පත්කළා. මේ ආයතන භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරනවා.
රට ඉදිරියට යන්නට නම් ආයෝජකයින්ට විශ්වාසයක් ඇති වෙන්න නම් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්න අවශ්‍යයි. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා වගේම නැවතත් මේ රටේ ත‍්‍රස්තවාදය හිස ඔසවන්නේ නැති වෙන්න ආරක්ෂක සැලැස්මක් යෙදුවා. ති‍්‍රවිද හමුදා පොලීසිය යොදවලා අපි සුරක්ෂිත රටක් ඇති කළා. විදේශීය බලවේගවලට යට නොවුනු නව ලිබරල්වාදී ආදහස් දරන රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන ආන්ඩුවකින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. අපේකමට ගරු කරන අපේකමට ආදරය කරන අයට විතරයි එය කළ හැක්කේ. අපි අභියෝග ජය ගත්ත කොටසක්.

රණවිරුවන්ගේ අභිමානය නැති කරලා ජාත්්‍යන්තර අධිකරණවලට රණ විරුවන් ගෙනියන්න උත්සාහ කළා. බුද්ධි අංශ සාමාජිකයින්ට අභූත චෝදනා නගලා හිරේ දැම්මා. අපරාධපරික්ෂණ කොට්ටාශයේ දක්ෂ නිලධාරීන් ත‍්‍රස්තවාදීන් හොයන්නයි අපි භාවිතා කලේ. මේ රජය දේශපාලන විරුද්ධවාදින් හිරගෙට යවන්නයි ඒ ආයතන භාවිතා කරන්නේ. පාස්කු පහරදිම වෙන්නේ කවදාද, කීයටද, ඒ අයගේ නම් , ලිපින දුරකතන අංක දීලා තිබුණත් රජයට එය නතර කර ගන්න බැරිවුනේ ජාතික ආරක්ෂාව ගැන අවබෝධයක් නැති නිසයි.

එදා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් අපි මේ රටේ ඇති කළා. අධිවේගි මාර්ග කාපට් මාර්ග ගුවන් තොටුපල, වගේම ආසියාවේ වේගයෙන්ම දියුණූ වෙන නගරය බවට කොළඹ නගරය පත්කිරීම පැල්පත් ඉවත් කර තට්ටු නිවාස දීම වැනි දේ අපි කළත් මේ රජය ආපු හැටියේ ඒ සංවර්ධන ව්‍යාපෘති නතර කලා. මේ නිසි ව්‍යාපෘතිවල වැඩ කරපු අයගේ ව්‍යාපාර කඩා වැටුනා. රුකියා නැති වුනා. කෘෂිකර්මාන්තයට කිසිම අවධානයක් යොමු කලේ නැහැ. අපේ සංස්කෘතිය හා බැ`දුනු තවමත් තුනෙන් එකක පමණ ජනතාවගේ

ජිවනෝපාය වන කෘෂිකර්මාන්තය අපිට වැදගත්. මේ රජය සහනාදාර කපලා වගාබිම් ප‍්‍රමාණය අඩු කරලා නැවතත් සහල් පිටරටින් ගේන තත්ත්වයක් ඇති කළා.

නමුත් ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න අපි ඉදිරියේදි සහන ලබා දෙනවා. පොහොර නොමිලේ ලබා දෙන්න, ගොවි ණය කපා දැමීම පිටිපස අරමුණක් තිබෙනවා. ඒ වගේමමේ ආණ්ඩුව යටතේ දේශිය කර්මාන්තකරුවා කඩා වැටුනා. විදේශීය ආයෝජන ගේන්න කලින් දේශීය කර්මාන්තකරුවා සුරක්ෂිත කළ යුතුයි. ඒ නිසයි අපි ඔවුන්ට බදු සහන දෙන්නේ. පහසු සරල තේරුම් ගැනීමට හැකි බදුක‍්‍රමයක් හ`දුන්වා දේන්නේ.

අද ලෝකයේ සීඝ‍්‍රයෙන් දියුනු වෙන්නේ ආසියාවයි. තාක්ෂණය,බුද්ධීය මුල්කරගෙන දියුණුවන මේ සත වර්ෂය අපි හදුන්වන්නේ ඥාණයමුල් වූ ශත වර්ෂයක් විදියටයි. අපිට බුද්ධිමත් මිනිස් ශ‍්‍රමයක් තිබෙවා. අපිට හොද තරුණ තරුණියන් සිටිනවා. අවාසනාවට අධ්‍යාපන ක‍්‍රමයේ වැරදි නිසා තරුණයින් අතරමං වෙලා. ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්න බැරි උපාධි ලබලා රජයේ රැුකියා බලාපොරාත්තු වෙන් ඉන්නවා. උසස්පෙල සමත් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න බැරිව ඉන්නවා.

ගාල්ලේ තරුණයින් පිරිසක් එක්ක කතා කළා. ඔවුන් උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුනු පිරිසක්. ඔවුන් අනාගතයේ මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. මේ අයට නිපුණත්වයක් ලබාදිලා ආර්ථීකයට සෘජුවම සම්බන්ධවන වෘත්තියන් කරා යොමු කිරීමේ හැකියාව තියෙනවා.

තොරතුරු තාක්ෂණය පරිගනක තාක්ෂණය සහිත සමාගම් ඩොලර් බිලියනයක පමණ ආදායමක් ගේනවා. මේ සමාගම් කියන්නේ ඩොලර් බිලියන 5 දක්වා විදේශ විනිමයක් මේ හරහා ගෙන ඒමේ හැකියාව ඇති බව. නමුත් ඒ සදහා ලක්ෂ තුනක පමණ ශ‍්‍රම බලකායක් අවශ්‍යයි. විද්‍යා අංශයෙන්ම උපාධී ලබන්න ඕනේ නැහැ. ඒ අයව මේ ක්ෂේත‍්‍රයේ රැුකියා සදහා පුහුණු කර හොද වේතනයක් සහිත රැුකියා සදහා යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසයි අපි පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නේ. උසස් පෙල සමත්වන තරුණ පිරිසට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදිමට විශ්වවිද්්‍යාල වල ධාරිතාව වැඩි කරන්නත් ආචාර්ය මණ්ඩලය වැඩි කරන්නත් දුරස්ථ අධ්‍යාපනය දියුණු කරන්නත් අවහ්‍යයි. ආර්ථිකයට සෘජුවම සම්බන්ධ වන විදියට මේ පාඨමාලා සකස්කළ යුතුයි. නිපුණත්වය ලබා දීමෙන් රැුකියා ඇති කළ හැකියි.

සංචාරක ක්ෂේත‍්‍රයේත් රැුකියා අවස්ථා තිබෙනවා. ඒ සදහා සුරක්ෂීත රටක්,හොද මූල්‍යයත්, කි‍්‍රයාශීලී විනිවිද භාවයකින් යුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. රාජ්‍ය සේවයෙන් පලි ගන්න ගිහින් රාජ්‍ය සේවය කඩා වැටුනා. රට වෙනුවෙන් නිලධාරින්ට තිරණ ගන්න බැරි විදයේ බියක් ඇතිකලා. අපේ රජයක් යටතේ මේ රාජ්‍ය සේවකයින්ට අවංකය නිර්භයව තිරණගන්න නිති මගින් ආරක්ෂා කරනවා. හොද දක්ෂයින් සුදුසු තැන්වලට පත්කරන්න ඕනේ. ඒ විදියටයි අපි එදා ප‍්‍රතිඵල දුන්නේ. හමුදාවේදීත් ජේ්‍යෂ්ඨත්වයම නොබලා දක්ෂයින් පත්කිරීම නිසයි එවැනි ජයක් ලැබුවේ. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම ඔබට සෞභාග්‍යමත් රටක් අභීමානවත් දේශයක් සුරක්ෂීත කරනවා.

– GR media

No comments:

Post a Comment

Pages