අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් ශ්‍රී ලාංකිකයන් 18,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව මියයන බව ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ වෛi සංජීව රණවීර මහතා පැවැසීය.
කෙසේ වුවද මෙරට ජනගහනයෙන් මත්පැන් පානය කරනුයේ සියයට 20 ක් වැනි සුළු ප්‍රතිශතයක් බව අනාවරණය වී ඇති අතර සියයට 80 ක්ම මත්පැන් පානය නොකරන බව පෙන්වා දුන් වෛi රණවීර එසේ මත්පැන් පානය කරන අයගෙන් සියයට 97 ක් පමණම පිරිමින් බවත් කාන්තාවන් ඒ අතර සිටිනුයේ සියයට 3 ක් වැනි සුළු ප්‍රතිශතයක් බවත් අවධාරණය කළේය.
මෙරට මත්පැන් පානය කරන ප්‍රතිශතය සුළු වුවද දුම්පානයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව හා සමාන සංඛ්‍යාවක් මත්පැන් පානය කිරීමෙන්ද මිය යෑම හේතුවෙන් මත්පැන් භාවිතය නතර කිරීම සඳහා සිගරැුට් පැකට්ටුවල සඳහන් පරිදි මත්පැන් බෝතල් ඇසුරුම්වලද ඒවා භාවිතා කිරීමේ ආදීනව සඳහන් රූපමය සෞඛ්‍ය අවවාදයන් සඳහන් කිරීම කාලෝචිත බව හෙතෙම කීවේය.
අරක්කු, බියර්, කසිප්පු, ඇතුළු කුමන මද්‍යසාර වර්ගයක් භාවිතා කළද ඒවා පානය කරන අයට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට විශාල කායික, මානසික හා සමාජයීය පරිහානියක් සිදුවන බව වෛi රණවීර මහතා (24 දා* කොළඹ ශ්‍රී ලංකා වෛi සංගම් ශ්‍රවණාගාරයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවක් අමතමින් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛi සංගමයේ සභාපතිනි විශේෂඥ වෛi අනුලා විජේසුන්දර මහත්මිය කියා සිටියේ මත්පැන් භාවිතය හේතුවෙන් මෙරටට සිදුවන ආර්ථික හා සමාජ පරිහානිය වැළක්වීම සඳහා මත්පැන් සඳහා බලපත් ලබාදීම වහාම නැවැත්වීමට බලධාරීන් විසින් පියවර ගත යුතු බවත් පාසල් හා ආගමික මධ්‍යස්ථානවලට සැතපුම් භාගයක් දුරින් පිහිටි මද්‍යසාර අලෙවිමධ්යස්ථානවලට නිකුත් කර ඇති මත්පැන් අලෙවි බලපත් සියල්ල අවලංගු කළ යුතු බවයි.
-දිවයින.
No comments:
Post a Comment