වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝටාභයගේ වේදිකාවට. - Lanka News Click 24x7

වසන්ත සේනානායක ඇතුළු 05ක් ගෝටාභයගේ වේදිකාවට.

Share This
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු සමග තවත් එක්සත් ජාතික පක්ෂයේ කිහිපදෙනකුම රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පස් දෙනකු පොදුජන පෙරමුණට සහාය දීම සඳහා ඉතා නුදුරේදී එක්වන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අවසන් බව ද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
-lankacnews.

No comments:

Post a Comment

Pages