යාපනේ ඩෑන් ටීවී මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් ස්ථානාධිපති උසාවි දැමූ පසු ඇප ලැබේ - Lanka News Click 24x7

යාපනේ ඩෑන් ටීවී මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් ස්ථානාධිපති උසාවි දැමූ පසු ඇප ලැබේ

Share This

යාපනය, පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදීයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.

යාපනය පොලීසිය විසින් පෙබරවාරි 20 බදාදා අත්අඩංගුවට ගත් කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රුපියල් 50,000 ක ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබේ.

නඩු විභාගය මාර්තු 26 වැනිදා
නැවත කැඳවන ලෙසටද අධිකරණය නියෝග කළ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ යාපනය කෝපායි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජී. ගුණරත්න නැමැති නිලධාරියෙකි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා සිවිල් ඇඳුමින් පැමිණ මාධ්‍යවේදියාට පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (DanTV) වාර්තාකරුවෙකු වන තිරුනෙල්වේලි හි නඩරාජා කුගන්රාජ් මහතා පොලිස් පහරදීමකින් තුවාල ලැබීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටි.

කුගන්රාජ් මහතා පවසන අන්දමට කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමක් රූපගත කරන අවස්ථාවේ පෙබරවාරි 19 සවස 2.30ට පමණ එය රූපගත නොකරන්නැයි තර්ජනය කර ඔහුට පහර දී ඇත්තේ කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයායි.

No comments:

Post a Comment

Pages