ශ්‍රි ලංකාව ආසන්නයේ මළ මුහුදක් සොයා ගනියි! - Lanka News Click 24x7

ශ්‍රි ලංකාව ආසන්නයේ මළ මුහුදක් සොයා ගනියි!

Share This
ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව  බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 60, 000 මළ මුහුදක් ඇතිව තිබේ. මෙහි කිසිදු ජීවියෙක් නැති අතර ඔක්ෂිජන් ද මෙහි ඇත්තේම නෑ.තිබෙන නයිට්‍රජන් වායුවද නැතිවෙමින් පවතී.මේ නිසා මෙම මළ මුහුදේ පැතිරීම තුළ අප  රටට හා සෙසු රටවල් කිහිපයකටම මෙහි අනතුරක් බරපතල ආකාරයට බලපාන්න හැකි යැයි ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවති දේශනයකට එක්වෙමිනි. මෙහිදි ඒ මහතා මෙසේද කීය.


ජයනාත් කොළඹගේ
ලංකාවටම හා ලෝකයටම ප්ලාස්ටික් තමයි සාගරයේ ඇති ලොකුම සතුරා වේ.ලංකාවේ මේ ආකාරයට ප්ලාස්ටික් භාවිතා කරගෙන ගියහොත් 2025 වන විට මිලියන මෙට්‍රික්ටොන් 17.5 ලංකා මුහුදු සීමාවේ තැම්පත් වේ. මෙම ප්‍රමාණය සමහරවිට  වැඩිවීමට ද හැකියි.ප්ලාටික් බෝතලයක් මහ මුහුදට දැම්මොත් එය දිරන්නට  වසර 400ක් පමණ කාලයක් ගතවේ. නමුත් මෙයද සම්පුරණයෙන්ම විනාශ වන්නේ නෑ. මෙම ප්ලාස්ටික් විවිධ කොටස්වලට කැඩීමට ලක්වේ.මෙම ප්ලාස්ටික්  උස්නත්වය නිසා මුහුදේ හා වෙරලේ ඇතිවන විවිධ ක්‍රියාකාරි කටයුතු නිසා තව තවත් අංශ මාත්‍ර වලට කැඩ යයි. 

එය අප හදුන්නන්නේ මොනෝ ප්ලාස්ටික් වශයෙනි. නැතිනම් නැනෝ ප්ලාස්ටික් වශයෙන් කුඩා අංශවලට කැඩීම ද සිදුවෙයි. මෙම නැනෝ ප්ලාස්ටික් කොටස් මසුන් ආහාරයට ගන්නවා නොදැනවත්ම සිදුවන්නේ මේ අනුව අපි ගන්නා වු මසුන්  ආහාර හරහා අපි නොදැනුවත්වම අපි ප්ලාස්ටික් ආහාරයට ගනී. මාළු ආහාර හරහා මෙයයි සිදුවන්නේ. මේ නිසා තරුණ ළමා කාලයේ දීම වැඩිහිටි අයටද විවිධ රෝගි ඇති වෙයි. එය සිදුවන්නේ මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මෂ්‍ය ආහාර සමඟ කෑම නිසා සිදු වේ.මේ සියලුම ප්ලාස්ටික් ද්‍රව්‍ය මුහුදේ තැම්පත් වෙයි.

මේවන විට ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව  බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 60, 000 මළ මුහුදක් මේ නිසා ඇතිව තිබේ.  මෙහි කිසිදු ජීවීයෙක් නැති අතර ඔක්ෂිජන් ද මෙහි ඇත්තේම නෑ.තිබෙන නයිට්‍රජන් වායුවද නැතිවෙමින් පවතී.මේ නිසා මෙම මළ මුහුදේ පැතිරීම තුළ අප  රටට හා සෙසු රටවල් කිහිපයකටම මෙහි අනතුරක් බරපතල ආකාරයට බලපාන්න හැකියි.

මෙයට අමතරව මළපහ මුහුදට යොමු කිරීම දැම්ම නිසා මුහුද විනාශ වේ. දැවැන්ත පරිසර දුෂණයක් සිදු වේ.මළපහ බැක්ටීරියාවක් ආකාරයට ක්‍රියාත්මක වෙයි.මේ නිසා  මුහුදු පරිසරයම විනාශ වේ.මේ නිසා මුහුදු වෙරළද දුෂණය වෙයි.මෙම නිසා මුහුදේ නෑම ආදිය නිසා විවිධ චර්ම රෝග හා විවිධ අසාදනයන් මිනිස් ශරිරයේ ඇතිවේ.සුන්දර සුදුම සුදු වෙරළ තුල බියකරු බවක් ඇතිව ඇත.

මෙයට අමතරව මුහුදේ උස්නත්වය පෙරට වඩා සියයට 13කින් ඉහළ ගොස් ඇත.මෙය විද්‍යාඥයින් තහවුරුකරගෙන තිබේ.ඒ නිසා මුහුදේ සත්ව ශාඛ කොටස්වලට ද හානියක් සිදුවේ. මෙයට අමතරව, මුහුද ප්‍රසාරණය වේ. ඉන් සිදුවන අහිතකර බලැපෑමද ඉතා විශාල වේ.මුහුදු ජල මට්ටම ඉහළ යෑමට හේතුවෙයි. ඒ නිසා ලංකාව ආශ්‍රිතව ගොඩබිම් මුහුදු ජලයෙන් යටවිය හැකි ය.මේ නිසා මහ මුහුදට මිනිසා යොමු කරන සියල්ලම මහ මුහුද භාරගන්නේ නෑ. ඒ සියල්ලම යළිත් මිනිසාටම සුනාමි ව්‍යවසන ආකාරයෙන් යළිත් අපටම ලබාදෙනු ඇති බවද, ගාල්ල මහින්ද විද්‍යලයේ පැවැති දේශනයක දී ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

(සුනෙත් ගාල්ලගේ)

No comments:

Post a Comment

Pages