පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලට ඊයේ (29 )දා* දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එකී සංශෝධන හඳුන්වා දීමට තීරණය කර ඇතැයි ද නීතිපතිවරයා විවෘත අධිකරණය හමුවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මූලික කෙටුම්පතේ වගන්ති 28 ක් එලෙස කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බව නීතිපතිවරයා විසින් අධිකරණයට හා පෙත්සම්කරුවන් වෙත ඉදිරිපත් කළ ලේඛනය මගින් පෙන්වා දී තිබිණි.
-Divaina
No comments:
Post a Comment